ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මඟින් ඉකුත්දා පවත්වනු ලැබූ ජාතික කරාතේ තරඟාවලියේ පළාත් තරඟයෙන් ප්‍රථම හා දෙවන ස්ථාන හිමිකර ගනිමින් රන් පදක්කම් දෙකක් ,රිදී පදක්කමක්,හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කළ අම්බලන්ගොඩ ක්‍රීඩකයින් හතර දෙනෙකු සමත් වී තිබේ.
අවුරුදු 14/15 වයස් කාණ්ඩයේ කි.ග්‍රෑම් 45 ට අඩු කුමිතේ තරඟයේ රන් පදක්කම අම්බලන්ගොඩ පී .ද. ඇස්.කුලරත්න විද්‍යාලයේ යූ.ඩී.පිණිදු පැහැසර ලලිත් ප්‍රිය ක්‍රීඩකයා විසින් දිනාගෙන තිබේ.ගා/නින්දාන මහ විදුහලේ ඒ.සන්දීප දෙනුවන් ක්‍රීඩකයා අවුරුදු 14/15 වයස් කාණ්ඩයේ කි.ග්‍රෑම් 60 ට අඩු කුමිතේ ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගෙන තිබේ.එසේම එම විදුහලේ පී.වයි. යසිරු චලක්ෂණ ගුණතිලක සිසුවාට අවුරුදු 14/15 වයස් කාණ්ඩයේ කි.ග්‍රෑම් 60 ට අඩු කුමිතේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි වී ඇති අතර ඒ.පී. හිමාෂ් නිම්සර සිසුවාට එම කාණ්ඩයේ ලෝකඩ පදක්කම ද හිමි වී තිබේ.
ජයග්‍රාහී සිසුන්ගේ පින්තූර
1.යූ.ඩී.පිණිදු පැහැසර ලලිත් ප්‍රිය
2.ඒ.සන්දීප දෙනුවන්
3.පී.වයි.යසිරු චලක්ෂණ
4.ඒ.පී.හිමාෂ් නිම්සර