උණුසුම් පුවත්කාලීනවිදෙස්

කලීලූර් රහ්මාන්ගෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්ට ඇරයුමක්

හිටපු අගමැතිනි හසීනාට මරණ දඬුවම නියම කිරීමෙන් දින කිහිපයකට පසු, බංග්ලාදේශය ජාතික ආරක්ෂක උපදේශක විසින් ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්ට මහතාට ඩකා නුවරට පැමිණෙන ලෙස ආරාධනා කළ බව THE HINDU පුවත්පත වාර්තා කරයි.

බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක උපදේශක කලීලූර් රහ්මාන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල්ට ඩකා නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර පවතින  නොසන්සුන් ද්විපාර්ශ්වික සබඳතා මධ්‍යයේ ය.  තිබේ.

බ්‍රහස්පතින්දා (2025 නොවැම්බර් 20) කොළඹ ආරක්ෂක සමුළුවේ ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ 7 වන රැස්වීමට පෙර බදාදා (2025 නොවැම්බර් 19) නවදිල්ලියේ පැවති ජාතික ආරක්ෂක උපදේශක රැස්වීමකදී බංග්ලාදේශ පාර්ශවය විසින් මෙම ආරාධනය ලබා දෙන ලදී.

ඩොවාල් විසින් කොළඹ ආරක්ෂක සමුළුවේදී මාලදිවයින, මොරිෂස්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල තම සගයන්ට සත්කාරකත්වය සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.