සිත්තරාණෙනි!
ඔය තෙලිතුඩ
සෙමෙන් තවරන්න
සායම් නොමැකෙන්න
ඉඳුවර පැහැ ගල්වන්න
මලානික නුවන් යුග
ප්‍රේමය ගලා හැලෙනා සේ.....
පඬුපැහැ කොපුල් මත
තවරන්න පැහැ රෝස
විලිවැදි පියුමක් සේම.....
සියොලඟම සරසන්න
නෙක බරණින්....
සිත්තරාණෙනි මවන්න
මා නැවත
නුඹේ තෙලිතුඩින්......
කළු සුදු මගේ ලෝකය
වර්ණවත් වන්න.....
පාළුව මකන්නට ඉතින් දැන් නැගිිටින්න
දොළ පාර ගලනවා...
ඔය පාළු සොහොන් ගැබ
සීතලෙන් මිදෙනවා
රෑ කුරුල්ලෙක් අදත්
ශෝක ගී ගයනවා
මගෙ හදවත තාම
නුඹ නමින් ගැහෙනවා
දැන් ඉතින් නැගිටින්න
මට පාළු දැනෙනවා...
නිලන්ති ෆ්‍රනාන්දු
2024. 02. 21.