ගැහැනිය!
දුක ශෝකය සැක සංකා කඳුළු දිගේ දිය කෙරුවා...
ප්‍රේමෙන් මුසපත් වෙද්දිත් කඳුළේ පිහිටම සෙව්වා...
තනි නොතනිය කෙනෙහිලිකම් උණු කඳුළෙන් පිට කෙරුවා...
ළඳකගේ ඇති අභිමානෙත් කදුළු මතින් ගොඩනැගුවා...
කරදර හිරිහැර බාධා මැඩගෙන පෙරටම යනවා...
සිත තුළ උපදින සිතුවිලි කෙලෙසින් හෝ පණ දෙනවා...
කෑ මොර දෙන්නට සිතුනත් හරි අගේට හිනැහෙනවා...
සිත හඬනා සැම මොහොතෙම ගී පදයක් මුමුණනවා ...
ආදරයේ උල්පත වී ලෝ දන මන පුබුදනවා...
දිවි ගමනේ සවිශක්තිය උපතින් අරගෙන එනවා...
රිදුණු බිඳුණු පෑරුණු තැන් හරි අගේට සුව කරනවා...
ගැහැනියකගේ වටිනාකම ගැහැනිය අමතක කරනවා...
- ඇන්ජලා පැල්පොළ -
ගේ කුරුලු ආදරය
ඇවිත් මනමාලකම් කරයි ගේ කුරුල්ලෙක්
හීංවට හොටට හොට තියා හරි සීරුවට
බලයි වටපිට හැරි හැරී
කොහෙන් ඒදැයි කියා අම්ම අප්පා
කන තියයි වටපිට හිටි ගමන් මගදි හමුවුණු මිතුරෙක් හෝ එයි කියා
යළිත් ඔහු පෙම් කරයි සිනා වී ගෙන කිසිත් වූ නොවු නියා
නුපුරුදුය නොවසා අත්තක සිටින්නේ කෙලසක මෙසේ,
ආදරේ කරද්දී ඉගෙන ගතයුතු දේ නොවේදෝ මේ
නොවටී සිටින්නට, සලන අත්තටු ගීතයක් වී ඇසෙයි
බලා ඉන්නට බැරිම තැන මුවට මුව තැබුවා හෙමින්
බලා සිටියා වගෙ ඇයත්, හදක සීතල දැණුනා ඒ මුවින්
හුඟක් දේ ඇත අසා ගන්නට මට ඔබෙන්
ඉතින් කෙලසක හමුවෙමුද අපි යළිත්
ඇයත් ඇසුවා ඔහු කී දේ ඒ ලෙසින්
පෙමින් වෙළුනම කුරුල්ලෙකුටත්
කැඩපතත් විය පෙම් රුවක්!
- චමින්ද වෙලගෙදර -
වෙන්වීමක් ගැන
අද හිනැහෙන නමුත් සතුටින් ..තුරුලු ක
සිප ගත්තේ මමයි..ඔය වත සැමට පෙර..
නොකළෙමි ආදරය.. කෙනෙකුට ඔබට හැර..
හැම සීනෙක ම දුටුවෙම් එම මුහුණුවර.......
නිදියන විටත් ඔබ මා....... ගාව ම උන්නා
දුන් විට හාදුවක් ...... දහයක් මට දුන්නා.....
හැම තැන අත්වැල්..... බැදගන පිය මැන්නා..
අද වෙන්විය යුතුයි එනමුදු අපි දෙන්නා..........
- මධුෂිකා -