යළි දෙන්න සිප්කිරි...
දයාවේ සිනහවෙන්
උණුසුම් ව පිළිගෙන
ඔබෙ සෙවණ වෙත මා
පැමිණි මුල් දින සිට
හිරුත් වී සඳත් වී
රැකවලෙහි හොවගෙන
ඉන්දියන් සිතියමේ
හිමාලය තරමට
සවිය දුන්නේ මා හට
ගුරු සමිඳ ඔබ ම ය...
පියෙකුගේ කුළුණු ගුණ
උතුළ දියවර ගෙන
වියළි හදවත් කතර
තෙමාගෙන බැස යන
සින්ධු ගංගා නදී
සමිඳු ළය සිසිල ය...
ඉන්දියන් ඉතිහාසෙ
රස විතක් පොවමින
ඉන්දියන් සිතියමට
පණ පිම්බෙ ඔබ ම ය...
අදත් පිං පුරමි මම
ඔබෙ සුවඳ විඳිනට
සොඳුරු පාසල් වියට
මොහොතකින් සපැමිණ
දුටුගැමුණු විජයබා
රජ කතා රස මැද
සමිඳ යළි දෙනු මැනවි
ඔබේ සිප් කිරි මට ....
මමත් දැන් ගුරු සඳකි
සා පැටවු නළවන
අදයි මට හැඬෙන්නේ
දැනී ඔබෙ පිතු පෙම
"මගෙ රත්තරන් දුවේ"
කියා මුදු වදනින
සනසන්න හැමදාම
අම සුවය ගෙනෙමින...
බුදු වන්න ගුරු සමිඳ
නිවන් දකිනට පෙර....!
( නිවිතිගල සුනේත්රාදේවී රාජමහා විහාරාධීශ්වර , හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍ය කොළඹගේආර යසස්සී ගුරු ස්වාමීන් වහන්සේ නමින් ලියන ලදී.)
- සඳෙලි සචින්ත්‍රා පතිරණ -
පාඨශාලාචාරිණී,බප/ හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
වසන්තයේ සොඳුරු සිහින!
සීතල පිනි මැදින්
කවුදෝ...
පෙම් කවියක්
මුමුණන්නේ...
කරුවල රෑ
අඳුර මකා...
සඳ කුමරිය
සිප ගන්නේ...
තරු එක දෙක
ළඟට ඇවිත්...
ආසිරි ගී ගයමින්නේ...
වසන්තයේ සොඳුරු
සිහින...
මුළු ගත සිත
පුබුදන්නේ...
- ඇන්ජලා පැල්පොල -
නුඹ නිරුවතට ආදරේ කරමි මම......
නුඹ සිනාවේ නැත බොරු ආලවට්ටම්
කතාවේ නැත පුරසාරම්
කාල තාල ඉක්මවනා
නුඹ ගමන සාමාන්‍ය විය මවා නොගත්
නුඹේ හද විය සත්ත්‍යම දකින්න ට වෙර දරන
ඉදින් නොවෙද
නුඹ නිරුවත්....
බාහිර ආලේපනයෙන්
වර්ණ නොගැන්වූ
ආත්මයම ගෙන සරණා
ඉදින් නොවෙද
නුඹ නිරුවත්........
නොසඟවා දොඩමින් වදන්
නොසඟවා පාන සෙනෙහස්
නොසඟවා ජීවිතේ අරුත්
සොයනා නුඹ
නොවෙද නිරුවත්....
ඒ නිරුවතට පෙම් බඳිමි මම්
මිනිසුන් වෙසින්
ගෝනි බිල්ලන්
රජ කරන මේ මොහොතේ....
සත්ත්‍යයේ නිරුවත ඒ නම්
ඉඳින්
ඒ සත්ත්‍යයේ නිරුවත ට
මම පතමි