උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

එළි බසින දියණියේ!

 

හිරමණය අඩනවා - මුල්ලකට හිරවෙලා

මිරිස්ගල තෙමි තෙමී - පිළිකන්නෙ වැතිරිලා

සැරට උන් ලිප්ගලට - ගෑස් ලිප හිනහිනැහුණා

දර කොළපු ගස් යටයි - වේයන්නට හිමිවුණා

වංගෙඩිය මෝල්ගහ - තනිවෙලා කයිරුවේ

ළිඳේ කප්පියේ කඹය - පනිට්ටුවට රිංගලා                   

ගේ දිහා බලාගෙන සස‌ර දිග මනිනවා

ඉහිරිලා තෙල් පඑහන් - විදුලියෙන් එළිය ගෙන

එක ඇඟිල්ලක් ඇතියි - මිනිසුන්ට කියනවා

වසා කඩ තොලු මත - උලා ඩයි කැරලි කළ

විරූපී කෙහෙ රොදට - ලේ පිරුණු ලවන් පත්

කියයි නව අරුතක්

දියණියේ එළි බසින - මතකයේ නොමළ තැන

සිහි ගනින් දියණියේ!

 - රත්නා කහඳගමගේ  -

ආරම්මණ රමණය .......!

 

සොඳුරු සුවපත් සිතක

ඇතිවන ආලවන්තකම

හැඟුම් හා රමණය කරවීමෙන් උපදී කවිය..........

ගතේ ඇතිවෙන වේදනා

ජීවත් වීමට සිත හා කරණ

රමණය උපදවයි නිමවුමක්......

දකින දසුනින් ඇසෙන හැඟුමින් විඳින

විඳමන් හා කරණ රමණයෙන් ඉපදී

නැවුම් සාහිත ගෙත්තමක්......

ඒ සියල්ලෙන් නසා ගත හැකිය ක්ලේෂය

ඒවා අතීත

සිතුවිල්ලක දැනවුමක් පමණකැයි කියා හිතූ විට

එහෙත් ........

මේ

මිනිසා,

මිනිසා සමග කිරීමෙන් රමණය

ජීවිතය කර ගනී සංසාරයක්

එබැවින් රමණය

මරණය නැති කරගැනීමේ

මග සොයා යාමේ කමටහන

මිස,

නොවේ කිසි කලෙක

සංසාරය නවතා තබන

මුරපදය.

ඔබේ සිතට ඉඩදෙන්න හීළෑවේ කෙවිට තබා ගෙන.

 ඉතින් ඒ සොඳුරු සංයමය

නුඹයි නුඹ සිතයි....

නුඹෙත් නොවන

මගෙත් නොවන

දෙදනාටම ඇති

එහෙත් හිමි නැතී

ඒ සිත,

හඳුනා ගන්නා

අපූරු සරළ දොහක් !

 

   -  චමින්ද වෙලගෙදර  -

මුදා හැලුණු දිගු වරලට

සිනහ පිපුණු  මුව කමලට...

ඉඟ  සොලවා ඔමරි පපා

නිතඹ සලා යන ගමනට...

නීල නුවන් පෙති විදහා

හොරැහින්  කළ ඇරයුමකට...

පිටුපා යන්නට සිත නැහැ

ඒත් බයයි මම නෝනට...

තරු අමුණා රටාවකට

මල් වියනක් ගොතලා ...

ජීවිතයේ රස මුසු තැන්

එය මතුපිට තියලා...

ආදරයේ හද පුදසුන

සඳසාවිට පුදලා...

නැලවී සැනසෙමු සැමහට

 සෙත සාමය පතලා.....

  -  ඇන්ජලා පැල්පොළ  -