සුන්දර ද මෙතරම් ජීවිතය
කියල හිතෙනවාත් එක්කම
දරාගන්න බැරි වේදනාවකින් පපු කැනත්ත දා ගෙන යනවා.
මට හොඳින් ම සලකගන්න,
ඔවුන්ට වඩාත් සතුටක් මට දෙන්න
පුළුවන් කාලේ වෙද්දී මගේ තාත්තා අපිව දාලා ගිහින් .
කොච්චර දේවල් කළත් අම්මා ඒව වින්ඳේ නෑ "
අනේ පුතේ ඔව්වරට වියදම්
නොකර දරුවන්ගේ වැඩක්
කරගනිං" කියා.
ඒ නිසා ඒ දෙන්නට තවත්
කරන්න තිබුණා නම්
හොඳයි කියල හිතෙද්දී ....
ඒක ඔබටත් එහෙම දැනිල ඇති.
දැනෙනවාත් ඇති.
ඒක වැඩියෙන් ම දැනුනේ මේ
දවස් ටිකේම දියණියක වූ
වෙහෙස කළ මෙහෙය දැකල.
විප්රවාසීව ඉන්නා හැමෝම මොහොතක්
නිවාඩුවේ තියාගන්න ඉඩක්
නොදෙන කාලසටහනක ඉන්නා අයයි.
ඒ අතරේ ලැබෙන හැම මොහොතකම
ඇය අප වෙනුවෙන් කළයුතු හැම
දෙයක්ම කළේ මවක දරුවන් රකින්නාක් මේ.
- චම්මින්ද වෙලගෙදර -
සෝක සැනසුම..
සෝක සැනසුම්
වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලිපුල් දෑසෙ
කදුලැල් මාහට ගෙනදුන්
වේදනා.......
මා සිහින විමානේ
පැතුම් තටාකේ
ආදරකුසුමන් පිපී හිනාවේ......
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තිබෙනවා
නේදෝ හෝ......
- මධුෂිකා -
රූකඩ
බලන් ඉන්න බැරි හින්දා
ලියනව කවියක් මං
නැතිවම සද්දේ
මෙලෝ දෙයක් ගැන දන්නැති
මිනිසුන් උන් කියනා තාලෙට පැද්දේ
ඒ මදිවට IMF කියනව බදු
ගෙවපන් නැත්නම් යුද්දේ..
අපි ම හදාගත් පැලකට අපි
බදු ගෙවන්නෙ ඇයි මහදැනමුත්තේ
ගිවිසුමෙ තිබුණලු මේවා ඔක්කොම
නැතිවද ඇහැ ඇරලා දැක්කේ
මතක තියාගන් ඔය හැම
දෙනාම යැපෙන්නෙ අපෙ
කතිරය මත්තේ
මේ විදියට ඇදලා දැම්මට අපි
අපිමයි අද වග කිව යුත්තේ
තනේ තියෙන කිරි ටිකටත්
බද්දක් ගෙවන්න වෙනවා
මයි අක්කේ.....
- ගාමිණි විජයවර්ධන -
සොවුරු පෙම
පායන පුන් සඳක් වගේ සෙනෙහස පුදලා...
එක නිලයක එක පියසක සේවය කරලා...
මිතුරු දමින් බැදි රන් දම් මාල ගොතලා...
සොහොයුරු පෙම් පුරාවතක් එක්වී ගයලා...
----
මව්පිය ආසිරි ගී මැද යුග දිවියට පා තබන්නේ...
දෙහදක ආලය ජයගෙන සසර පුරා එකතු වෙන්නේ...
දෙව් රැකවරණයේ පිහිටෙන් මුළු දිවියම සරු කෙරෙන්නේ...
උතුරන පෙම් හසරැලි මැද සතුටු සිතින් පෙරට යන්නේ...
බෝගම්බර වැව් ජලරල ලතාවකට සුබපැතුවා...
සියොතුන් ගේ මිහිරි ගීත හදවත් මුකුලිත කෙරුවා...
පෙම් ලෝකේ සුපෙම් සිහින දළුලා සරු ඵල ලැබුවා...
දෙව්ලොව මනුලොව අතරේ වෙනසක් ඇතිදැයි සෙව්වා...