නො එන බව දැන දැනත්
මග බලා උන් තරම
දන්නෙ වෙහෙසුණු දෑස් පමණයි
එකම කෙටි පණිවිඩයකට
මග බලා උන් තරම
දන්නෙ තිගැස්සුණු
හිත ම පමණයි
නුඹේ මෘදු හාදුවක්
ලබන්නට උණුහුමට
මග බලා උන් තරම
දන්නෙ කදුළු වියැළුණු
කොපුල් පමණයි
නුඹව මට කිසිදිනක
හිමි නොවන බව දැනත්
නුඹට පෙම් කළ තරම
දන්නෙ මගෙ හිතම පමණයි.....
නුඹට පෙම් කළ තරම
දන්නෙ මගෙ හිතම පමණයි.....
වරදක් මගෙන් යමි ව්ලසක සිදුවීද
අමනාපයක් ඔය සිත තුළ පවතීද
ඊයේ පටන් මට ලීවේ නැහැ නේද
එය මගෙ සිතට වදයක් බව නොදනීද
අමනාපයක් ඇත සිතුවිලි පුපුරු ගසයි
ඊයෙට වඩා අද දින හොඳ බවක් දැනෙයි.
වදයක් බව කොහොමදැ මට නොතේරෙයි.
නිදුකින් නිරෝගිය ඉන්නට පතයි පතයි
මධුෂිකා
2024. 02.11.