බැමි
හදවතේ බැමි හරිම පුදුමයි එකට එක බැඳිලා...
ජීවිතයේ බැරි දවසට ළඟින්ම ඉඳගෙන...
සැනසීමක් ගෙන එන විට සිතුවිලි ලස්සන...
ඇති හැකි විට ළඟ සිටිනා මිතුරන් විලසිණ...
හඳුනා ගැනුම ද පිනක්ය හදවත සනසන...
අහස ගුගුරා පොළව දෙදරා අනෝරා වැස්සේ...
සිතේ ලෙන්ගතු හැඟුම් බොඳ වී සේදුනා රිසිසේ...
නිසලතාවය නිහඬභාවය රජ කරයි මනසේ...
අනියතයි ලොව සහතිකයි එය දහමේ දෙසුවා සේ...
වාන් දමනා සෙනෙහෙ ගඟුලක කිමිදි කිමිදී සැතපුණා...
ඔබේ සුසුමෙන් මගේ හදවතේ සෝ සුසුම් වැල් වියැලුණා...
ඔබේ දෙනෙතින් ලොව දකින්නට උපන්දා සිට හුරු වුණා...
මගෙම වී ඔබ ඔබෙම වී මා
එක ම බැල්මක සැනසුණා
- ඇන්ජලා පැල්පොළ -