මගේ කියා....
මගේ කියා අරගෙන ආවේ
මොනවා...
අගේ කරන් රැකුමට කිසිවක්
නැතුවා...
වගේ වගක් කුමටද හදවත්
දිනුවා...
නඟේ මලේ හොඳ හිත සැමහට
පිදුවා...
අන්දර කැලේ ගස් මුදුනේ බඩගාලා...
ගින්දර වගේ කෙළි සෙල්ලම් පෙන්නලා...
ගන්දර මාමාගේ ඇසටත් වැලි ගහලා...
සුන්දර ළමා විය ගෙව්වා සැනසීලා...
-ඇන්ජලා පැල්පොළ -
මතු ලොවම ජය ලබන්නී
දසමස කුස දරා දරුවන් ලබන්නී
යහගුණ රතු ලෙයට මුසුකර පොවන්නී
හදවත පුරා සෙනෙහස පුද කරන්නී
උන් දෙස බලා සැනසුම් සුව විදින්නී
කුලගෙය රැකුම වගකීමකි සිතන්නී
දිව රෑ දෙකෙහි වෙහෙසී
වැඩකරන්නී
සැප දුක සම සිතින් අදරින් දරන්නී
දිරියෙන් දිවි ගමන තුළ
සැරිසරන්නී
දියණියය, යුවතියය, මවක් වී සිටින්නී
මිත්තණිය වී දිනෙක සැදෑසුව විදින්නී
පැසසුම්ද ගැරහුම්ද නොඅඩුවම ලබන්නී
"ගැහැණිය" ය දිනක මතු ලොවම ජය ලබන්නී
- ජයමිණි රණසිංහ -
වැහි බරිත හැන්දෑව
නිලන්ති ප්‍රනාන්දු
වීසි කොට අඳුරේම
පෙර සේම දේදුන්න ඒවි
අහස් ඉම සරසාවි
නුඹ කැමති දම් පාට
සත් පාට අතරේ
එදා මෙන් හිනැහේවි
ඉවත බලනු කිමැ මිහිරාවී....
ඝන මේඝ රෑන් බැඳ
ඇසිල්ලෙන් පැන ඇවිත්
ඉඳුදුන්න සඟවාවි
වැහි ලිහිණි සෝ ගීය
අරලියා සුවඳ තතු
හිස් අහසෙ රැව් දේවි
උදුල තරු නෙතු නිවාවී
යුග සවන් වසනු කිම ප්‍රියාවී
නුඹ ඉන්න කැමති තැන
මා මුලින් නිදන වග
අරලියා සුවඳ තතු කියා වී
මුතු කඳුළු වැහි එපා දයාවී
නුඹෙ හදින් ගලා ආ
සුවහසක් කවි කැකුලු
මා වටා පිපේවී
දිවා රෑ තනි රකීවී..