කතිර යුද්දේ
යුද්ධය අපේ කරගෙන රැඟුවේ අපි හැවොමයි...
එදා වාගෙම අදත්
අපි හැම හරිම
හරි
මෝඩයි...
ඥාති හිතවත් සැවොම සමඟින්
රණ්ඩු කළේ
අපිමයි...
දශක හතකට වඩා වැඩියෙන්
ගෙවුණු හැටි
පුදුමයි...
••• ••• •••
මැදියම් රෑ බක බක
හඬ
සිතුවිලි ඈතට ගෙන
යනවා...
අලුයම් වේලේ සැවුල්
නාදයෙන්
කුරුලු කොබෙයියන්
පියඹනවා...
ගිනියම් අව්වේ බැතපෝරුව
ගෙන
මහ පාරේ වී වේලනවා...
පිළියම් හොය හොයා දිවිය
පුරාවට
කතිරය පිටුපස දිව
යනවා...
- ඇන්ජලා පැල්පොළ -
⋆⋆⋆⋆⋆------------
කඳුළු ගඟ අබියස
සිටිමි පාමින් මදහස
රිදෙන බව හදවත
කියා කුමටද
දුදන දන්හට
මලක් සේ මුදු හදවත
දැඩිකර ගනිමි ගල් ලෙස
කළගුණ නොදත් දනහට
කියා කුමටද
මිහිරි බණ පද
- ජයමිණි රණසිංහ -
~~~~~ ~~~~~
ප්‍රේමවන්තයාගෙ දියණියට ...
ඇඟිලි තුඩින් එසැවීගෙන
ලී වැට ළඟ මග බලාන
අප්පච්චී එනකල් නුඹ
පුංචි හීන දකිනවාද
ගිනි කන්දක් හිත දරාන
අහිමි පෙමට මග බලාන
මමත් හීන දකිනා බව
දුවේ නුඹට දැනෙනවාද
ඉස්සර මට දුන් සෙනෙහස
හිත් මුල්ලක සඟවාගෙන
දෙලොවක හිඳ දුකින් තැවෙන
අප්පච්චිට සමාවෙයං
මං හෙළනා නේක සුසුම්
මං හඬනා නේක හැඬුම්
නුඹේ මවට නොදෙනෙම් මං
දුවේ ඉතිං හිනාවෙයං
- කුමාරි රත්නායක -
විලියෙන් මිරිකුණි ඒ මල්
විලියෙන් මිරිකුණු ඒ මල්
එ මල් විලියෙනි මිරිකුණා.
පේරාදෙණිය සරසවියම
මලින් හිනැහුණු දවසක
නුඹෙ වත කමල දැක
එ මල් විලියෙනි මිරිකුණා
මහවැලි නදිය අසබඩ දි
නුඹෙ මදහසට මනකල්
ගඟත් මොහොතක්
නතර වුණා.....
ළඟදි දවසක පේරෙ ගිය කල
මතක අවතාර ම හද වටකර
තලා පෙළා මිරිකලා දැම්මා
හනික මං බසයක නැගලා
කොළඹ ට ම එන්න ආවා
- වරුණ අබේසේකර -
------ ⋆⋆⋆⋆⋆----------
හඩ නගා කදුඑ සටන..
මා පරයා දින ගනන..
නුඹට අවැසි දඩුවම..
මාද සිරකර..
සිපිරි ගෙයි..
හුස්ම සොයන..
උණු කදුඑ වගුරන මැදියමේ..
කාත් කවුරුත් ..
ඵලිය සොයා ඵන..
ලන්තැරුමේ….
පලගැටි සෙනාව..
අපුරුවට හඩ නගා..
වයන රැගුම..
රුං රුං රුං..
කංබිහිරි හඩ තළා..
මුඑ ලොවම සැතපුණු..
අඩ නින්දේ වගුරන..
කදුඑ සිප..
තවත් දිනක ..
හොරා කිපය..
දින පොතේ සටහන..
අන්ද මන්ද..
සිපිරි ගෙයි ..
මුල්ලක අගුරු..
සහ මම ..
සෙල්ලම..
කැබිලි විසිරුණු..
තනිකමේ සේයාව..
අඟුරු කැල්ලේ ..
හැඩ සොයන..
මා තනි තරුව..
- ශ්‍යාමලී ගමගේ.
⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆ (කවියක් නොවේ මේ)
බලන්නීය ඈ සරාගි බැලුම්
කෝප බැලුම්
දයාබර බැලුම් බලන්නී ය
පෙම්මාදර බැලුම් බලන්නී ය
උජාරු බැලුම් බලන්නී ය
බලන්නී ය ඈ රවන්නී ය.
ඔරවන්නී ය. විරිත්තන්නී ය.
මුකුළු සිනා පාන්නී ය
හීන් හිනා පානා ඈ අඟර දඟර පාන්නී
සෙනේ පා සැණෙකින් කෝප නෙතු පාන්නී
පෙම්බස් දොඩන්නී අදර පාන්නී
වැස්ස වගේ පොද වැස්සත්
මල් වැස්සක් වගේ
විතරක් නෙවේ බැලුම් පාන්නට ද
ඈ....
නාකපන වැස්සත් සිහි කරවන්නී ඇය
මහ අනෝරා වැස්සක් වගේ හරියට මුරුගසන් වරුසාව වැටෙන
දවස දනවන ඈ... ඈ..... ඈ.....
මොනව වුණත් හොඳ එකී බව නොකිව්වොත් වැරදියි
බොහොමත් ම
----------