සීරුර විනිවිදින සීතල
කාල රාක්ෂසය
කිමද නැවතත්
දුර සිට බලනු මා දෙස
දැන්
මේ කී වන වතාවද.....
බිය සුලු නොවෙමි
එහෙත්
හිතට අසහනයකි
මෙවරටත් මා ගෙන යනූ
නොබියව වහා එමි
පරික්ෂා නොකරනු
ආලෝකය වසා
වරින් වර
කිමද මා මත පතිත කරවනු
පිළීගඳ සීතල සෙවණැල්ල
රැගෙන යනු
ඇවැසි නම්
හැකි විගස මා ගෙන යනු
ඉවසනු නම් නොහැක
සිරුර විනිවිදින ඒ සීතල
කමලාලියනගේ
----------- ------------------ --------------------- --------------
දෙවොන්දරාට ලියුමක්
දෙවොන්දරා ඔය හදවත
ආදරයෙන්
පිරුණු
දමා ගියේ ඇයි මා ළඟ
සකුරා මල්
පිපුණු
නුඹත් මමත් ගිය ඒ මඟ
අපෙ කඳුළැලි
හැළුණු
තවත් වරක් නුඹ ආවත්
යළි මට බැහැ
මියෙදුණු
හැරදා නුඹ ගියදා මා
මඟ බලාන
උන්නා
නුඹ ඒ යැයි මඟ බල බලා
උන්නා
නුඹ ඒ යැයි මඟ බල බලා
දින දින මම
ගැන්නා
යළි මතුදා සතුටින්
හමු නොවුණත් අපි
දෙන්නා
දන්නවාද මම
තනියෙන් ජීවිතයම
දින්නා
- මධුභාෂිණි ජයසුන්දර -
------------- ---------- ------
නුඹ ආ වග
එන තුරා නුඹ බලා හිටියේ බෝ
ආසා පිරුණු ඇසින්
නුඹ යන්න යන හැටි ඉවස හුන්නේ
කඳුළු පිරි හිතිනියි මෙමං
ගියත් ආපහු ඒවිදෝ නොදනිතත්
රැයක් ගෙවමින් සිහි කළා පැරණි
මතක පොදි අහුලමින් මං
දැනෙනවා නුඹ ආ වගක් .
-
සුමැ -
හිනැහුණා තනියම
වලාකුළු ලැගුම් ගත් තැන
ලුහුබැඳ ගියෙමි වලාකුළ
ලැගුම් ගත් තැනදි
කඳු හිස බදා වැලඳ
මුමුණන්නේ මොනවාදැයි
අසා සිටියෙමි නිහඬව
පේනවද අර ඇත
ගිනි ගන්නා
මහ වනන්තර නගර
හැකිනම් වැස්සක් වන්න
වසිනු මැන....
පැවසුවා කන්ද
හැකිය වැස්සක් වන්න
උරාගෙන රැයින්
නොයනවා නම් නාය
කන්දක් සමතලා වන්න
බැහැ මට හේතුවක් වන්න
පැවසුවා වලාකුළ
- ෂර්මිලා බංදුනී දංවත්ත -
------------------ ------------------
හිනැහුණා තනියම
හිනැහුණා එක් වරක් තනියම..
හඹා ආ පිනි බිංදුව සේ නුඹ..
ලංව හිනැහෙන මතකයේ පෙම..
ඇමුණුවා මා ප්‍රේමයේ රග,
මකාලන්නට බැරි සෙනෙහස..
තවත් දිනකට අමුණුවා පෙම..
නැවත මුණ ගැසුණු සාදයේ..
කවර අරමුනු කතා පල නැති..
හදත් ගිණිගෙන නුඹේ ලෝකයේ..
වියෝවය පසු අකුණු හිසැර..
නොපෙනි යනතුරු නුඹ වටා..
ඇති පවුරු වලල්ලේ එක් පුරුකක් වන්නට..
පමා වි හෝ මුණ ගැසුණු ඒ හොරාව..
මිරිකුනා මගේ හදවතේ දැවෙන..
නැවත තනිකමේ පියමංසල..
ගල් ගැසි බලා උන් තප්පර කටුව..
මතක් කලා මුනිවතේ හැඩතල..
බලා ඉමි මාද නුඹ මෙන්..
තවත් දිනෙක පිය නගන්න..
පටන් ගත් තැනේ පෙර හුරුව..
- ශ්‍යාමලී ගමගේ -
----------- ------------------ --------------------
හිනා කැකුළු මල්
හිනා කැකුළු මල් පිපිලා දෑස අරා...
සිතේ සතුට හද පතුලෙන් යයි උතුරා...
සැර වැර කලොත් අභිමානය යයි දෙදරා...
සැනසෙන ලක දැලි ගාගෙන මුහුණ පුරා...
පොඩි කාලේ වෙල් එළියේ දුව පැන නැටුවා...
අඩි පාරේ පය ලිස්සි වැටි වැටි දිව්වා...
එඩි පාමින් එකමුතු වී සවිමත් වූවා...