උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

උපකල්පනය

 කැන්දා සිතට නෙක සිතුවිලි රැගෙන වෙර

වින්ඳා තනිව කාටත් නොදැනෙනා යුර

රන්ඳා රුවක් ඇස නොගැටුණ නමුත් පෙර

ඇන්ඳා මම ඇයව උපකල්පනය කර

 

පින්සල අතට ගෙන සායම් සෙමෙර සලා

රන්සර මැවෙන ලෙස කෙහෙරැලි පාට කළා

පින්සර සුන්දරත්වය ඉවතකට නොලා

ඇන්ඳත් ඇය හිටියෙ තරහින් ඉවත බලා

 

දිස්විය හෙමිහෙමින් කෙහෙරැලි කරන දඟ

ලස්සන කළා තව තව ඇගෙ පිරුණු ඇඟ

ඉස්සුන ලමැද නොපෙණු නමුත් අතරමග

ගැස්සෙන විලස මම ඇන්ඳා කොමල ඉඟ

 

ඉඟවට යැවූවෙමි පින්සල සමග අත

කලබල වුණා හැඟුමන් සැරිසරන හිත

සුසුමක සුවය තැබුවත් ඉඟ නෙරිය මත

සොඳුරිය හිඳී නිහඬව කිසි වගක් නැත

 

නිරුවත් ගත පුරා සායම් බිඳිති පෙරා

ඇන්ඳත් සේල පිබිඳුණි නෙක හැඟුම් නුරා

දුන්නත් සුවය මත් බිඟු සේ මුදුව සරා

කන්දක් විලස හිටි හැටි ඇය එහැම දරා

 

අහසක් වගේ හදතුළ ඉකිලෑව පෙම

වෙහෙසක් නැතිව සිත්තම් කළ කරුණ කිම

දහසක් හැඟුම් හිරකෙරුවද නොවුණි නිම

 

මොහොතක් සිප ගනිමි අතැඟිලි සොඳුර මම

     - මධුභාෂිනී ජයසුන්දර -

💥💥💥💥💥💥💥💥

හඬවා නිතර මා

මතකය ද මා නිතර හඩවා..

නුඹේ සියුමැළි රුවට බොදවුණු..

සිහින් කදුළැලි රුරා ඇවිදින්..

තරුත් නැති සද කතා දොඩවන..

අමාවක නැති අඩුව පිරුවට..

පුරා සදටත් ..

නුඹව අමතක..

එත් අදටත් ඵදා මෙන් මා..

බෙහෙත් ඔරුවක දමා සැතපෙන..

නුඹේ රුවට මා වසග වි..

පෙරු පිරුමන්..

ජිවිතේ අනියතද නොදැන.. තතු

සසර දුක ගැන මෙනෙහි කළ සිත..

අසා තැන්පත් නිසල දේහය..

සුමුදු වලාවක මල් පෙති..

අතරින්..

නිතර බැලුවේ‍..

ප්‍රේමයේ සද..

   -  ශ්‍යාමලී ගමගේ..

💥💥💥💥💥💥💥💥

සදාතන පෙම

නළල මතුපිට තබා උණුසුම් හාදුවක්...

ගියා ඈතට කඳුළේ සගවා ප්‍රේමයක්...

මැවේ අපමණ එක්ව විදි දුක් ජාලයක්...

සදාතන පෙම හිතා ගනු බැරි අරුමයක්...

පුංචි දේටත් කඩා

හැලෙනා දුක් කඳුළු බිංදු...

සිනා පිරි මුව දිගේ ගලනා තුටු කදුළු රැන්දු...

වියෝ ගිනි මැද දැවෙන හදකට සෝ සුසුම් කැන්දු...

කදුළු බිඳුවට පවා සමහරු ගොතනවා සිංදු...

ඇන්ජලා පැල්පොළ -