අසිරිමත් බිංදුව.......!

හුස්ම බිංදුව
වතුර බිංදුව
ජීවිතේ සුරපුරක් මවනා
භව ගමන නිවන සදනා
සිතක ඇරඹුම
තෙමා මිහිකත ගලා යන දියපොද
බීජ වපුරා ගහ කොළද සතපා
"රමණීයානි අරඤ්ඤති."
සොඳුරු කඩඉමක ජීවිතේ රඳවන
හරිත නිම්නය වතුර බිංදුව
හුස්ම බිංදුව
ක්ෂණ භංගුරයක එහා මෙහාවක
ජීවිතේ අපට දෙන අපෙන් ගන්නා
මහා අරුමය හුස්ම බිංදුව
සිතින් නොසිතුව හැමදා ළඟ ඉන්න
හුස්ම බිංදුව සසර පිනවා රකින
ජීවිතේ එල්වා තබන ඒ රැහැන
වතුර බිංදුව
බිංදු බිංදුව වැටී ගොරබිරම් ජල
කඳකි
වතුර බිංදුව රුදුරු වෙස් ගත් විටදි
තෙමා සැනහූ ගම්බිම් ගසා යන
පිපාසෙට පොදක් බී ගත නොහෙන රුදුරු ජල කඳ
සසරම එක් මොහොතකට න හුස්ම පොද ගනී මිරිකා වතුර
බිංදුව
දැනී නොදැනී වැටේ හුස්ම බිංදුව
ගනී නොගනී අයක් වැය නොවී
සුළඟේ පියඹා ගිය විටදි හුස්ම බිංදුව
"කුමන නැටුම් කෙළි කවට සිනාදා''
හුස්ම සංශාර බවයක පෙකණි වැල
ඉ
හ
ළ යනවා
ප
හ
ළ යනවා
සැපෙනවා සැපෙනවා
හුස්ම බිංදුව වතුර බිංදුව නැති
හුස්ම '0 'වතුර '0 '
අවශානය ම ' 0 '......... .
ලියැවුණු පෙම
සතුටු සිනා මල් වැස්සේ තෙමෙනා ලස්සන...
පෙම් ගී පද ලියවෙනවා හදවත ගැස්සෙන...
මිහිරි තෙපුල් හඬ සවනේ දිව රෑ මුමුණන...
දෙනෙත් පියාගෙන විදගමු දිවියේ සක්මන ...
දිදුලන හිරු මඬල වගේ මුළු ලොවටම එළිය දෙන්න...
බබලන පුර හඳ පානේ ලොව සනසා කවි කියන්න...
පොපියන නෙත් යුග සඟලින් ලොව සතහට සෙත් පතන්න...
නිවහන මේ ලක් දෙරණයි අත්වැල් බැඳ පෙරට එන්න...
කාලයේ වැලි තලා අතරින් හමු වන්නේ...
ප්‍රේම මායාවේ නොදැනීම පැටලෙන්නේ...
ආලය අල කරන් දස වද විදිමින්නේ...
රාගය නිසා තැවෙනා දන එමටයිනේ...

සැම දේ දන්න කිසිවකු නැති බව දනිමු...
වැදගත් දෙයක් කාගෙන් හෝ අර ගනිමු...
සිහිකල්පනාවෙන් දෙසවන් යොමු කරමු...
ගත හැකි දෙයක් ඇත්නම් අහුලා ගනිමු...
-------------------
පිරුණු නුඹ
ඔබ ළඟ තිබෙනවා කියනා මල්ලෙ
පිරි ඇතිදේ කිම ද කියා නොදමි මා
එනමුත් පවසමි සතුටින් මා
වටිනා දේ ඇති නම් බෙදමු අපි එය
මතුවට පින් තකා
එනකොට කවුරුද මොකවත් ගෙන එන්නෙ
ආපසු නෙවෙ ද හැම දෙයක් ම
මගෙ වන්නෙ
යන කොට මොනවා ද අතැති ව ගෙන යන්නෙ
කළ පවු පින් නෙව ද අප කවුරුත්

ගෙන යන්නෙ