උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

සුපෙම් සිහිනන දලු ලන සඳ

මව්පිය ආසිරි ගී මැද යුග දිවියට පා තබන්නේ...

දෙහදක ආලය ජයගෙන සසර පුරා එකතු වෙන්නේ...

දෙව් රැකවරණයේ පිහිටෙන් මුළු දිවියම සරු කෙරෙන්නේ...

උතුරන පෙම් හසරැලි මැද  සතුටු සිතින් පෙරට යන්නේ...

බෝගම්බර වැව් ජලරල ලතාවකට සුබපැතුවා...

සියොතුන් ගේ මිහිරි ගීත හදවත් මුකුලිත කෙරුවා...

පෙම් ලෝකේ  සුපෙම් සිහින දළුලා සරු ඵල ලැබුවා...

දෙව්ලොව මනුලොව අතරේ වෙනසක් ඇතිදැයි සෙව්වා...

                                                                                                                                               ඇන්ජලා පැල්පොළ

සඳ හිරුට ආදරෙයි

 

ඉක්මන් ද මා පෙරලන  නුඹෙ සුවඳ

නිස්වර ගීයක තනු අතරින් මුල් පාඩ‌මේ ... හද ගැස්ම... රෑ කළුවරේ

නිදි නොමැති නිදි කුමරිළඟ

මතක් කළා හන්තානේ පාමුල ළඟ

දැවටුණා මොහොතක්... ඉකි ගසන ඉහ ඉද්දර පිපී

නවතින්න බැරි තරම් අමුඅමුන ගත් මතක සිත

ඇමුණුවා

දන්වැළක ... කිරිපාට හඳ පානට මතක සිත

අවුලුවා නිදි මතින්... හිනැහෙන තරු මල්

ශ්‍යාමලි ගමගේ - ටොරෙන්ටෝ

තාමත් අහනවා නුඹෙ සුවඳ...                                           

නිහඬ දෙතොල් මත රැඳුණු

හාදු වත්සුනු තැවරුණු ... සෙනෙහෙ කොළ දැන්

නිහඬයි ... හිත් ලියන්න වරම් නැති...

සෙනෙහෙ ගඟ අසබඩ .... මා තවමත් තනි රකිනවා

සුවඳ තුරුලු කරන්... එනු බැරි අසුභ නිමිති  

ළඟ... කඩා වැටෙවහදවත තාමත් නිහඬයි

කිරි ඉල්ලා අඬන කිරි දරුවකු මෙන්

දනගාන කිරි සුවඳ...

මතක් වී තිත්ත කදුැු... රූරා වැටන ජල කඳ ... එදා මෙන්

අදත් නිහඬය

මාත් සැඩපහර මෙන් රකිනවා නුඹේ