දිලෙන රඟන මපුත!!!
සුළි සුළි පෙරළි පෙරළි නිල්පාටට දිලෙනවා...
සුදු පෙන ගුළි රටා මවා උඩු ගුවනේ රඟනවා...
දිය සුළි සුළි පෙරළි පෙරළි නිල්පාටට දිලෙනවා...
සුදු පෙන ගුලි රටා මවා උඩු ගුවනේ රඟනවා...
රළ පිට රළ හදවත තුළ මහා සටනක් කරනවා...
නැණ බල ලැබ මේ භවයෙදි අපි සසරින් මිදෙනවා...
රළ පිට රළ හදවත තුළ මහා සටනක් කරනවා...
නැණ බල ලැබ මේ භවයෙදි අපි සසරින් මිදෙනවා...
දිය සුළි සුළි පෙරළි පෙරළි නිල්පාටට දිලෙනවා...
සුදු පෙන ගුළි රටා මවා උඩු ගුවනේ රඟනවා...
රළ පිට රළ හදවත තුළ මහා සටනක් කරනවා...
නැණ බල ලැබ මේ භවයෙදි අපි සසරින් මිදෙනවා...
සිවුමැලි ලෙසට පෙති විදහා සිටින්නේ...
වර්ණ රටා ගෙත්තම් කර තිබෙන්නේ...
මලේ රේණු නෙතඟට සිරි ගෙනෙන්නේ...
හමනා සුවඳ මේ හැමටම වැඩියි නේ...
වැටි වැටි නැගිටමින් කරනා දඟකාර...
තුරුණු වියට පැමිණෙන විට හැඩකාර...
උගතකු වෙලා පෙනුනත් ලොකු වැඩකාර...
ඇන්ජලා පැල්පොළ
2024. 02. 11.