උණුසුම් පුවත්දේශපාලන

කෂ්ටියක් විපක්සෙට යන්න සූදානම් ලු.

රනිල් ට අත උස්සපු කට්ටියකට ඔහු එපාවෙලා

මහින්දගේ හා බැසිල් ගේ පොහොට්ටුවේ පවතින අති බරපතල බෙදීම හේතු කරණකොට ගෙන එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඔහුට හිතවත් පිරිසක් සමඟ ආණ්ඩු පක්ෂයට සමුදී ටටා කියමින් විපක්ෂයේ අසුන් ගන්නට ඇති සූදානමක් ගැන දේශපාලන අංශයන් හි බොහෝ කතා බහට ලක්ව පවතී.

මේ වන විට පොහොට්ටුවේ වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය දී ඔහු යළිත් වරක් ජනාධිපති පුටුවේ අසුන්ගත කරන්නට වෙහෙසේ. එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ප්‍රසන්න රනතුංග ඇමතිවරයාත්, කාංචන විජේසේකර ඇමතිවරයාත් සිදු කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ දැඩි බලපෑම මත පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට කෙරුණු යෝජනාවට විරුද්ධ ව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් 92 ක් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණ උදෙසා කැපවෙන බව කියමින් ඔවුන් ගේ පක්ෂයේ පැවති රැස්වීමකින් අනතුරුව රනිල්වික්‍රමසිංහ මුලිච්චි වී සිය පක්ෂපාතීත්වය ඔහුට පැවසුවේ ඉකුත් සතියේ දී ය.

ඉකුත් සතියේ දී පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු වූ පාර්ලිමේන්තු මන්තී රෝහිත අබේගුණවර්ධන මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා ගේ පොහොට්ටුවේ පිලක එක් වූයේ ය.

ඊට එකට එක කිරීමක් සේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය දුබල කිරීමට නාමල් රාජපක්ෂ පාර්ශ්වය මේ තීන්දුව ගෙන ඇති බව යි දේශපාලන කතා බහෙන් සැලවෙන්නා වූ පුවත යි.

පාර්ලිමේන්තුවේ සිටින නාමල් හිතවාදී පොහොට්ටුවේ රාජය ඇමතිවරුන් කීප දෙනා ද එකී තනතුරුවලින් ඉවත් වීමට සූදානමක් පවතී. එමෙන් ම ඉදිරි ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනයක් ද ක්‍රියාත්මක කිරීමට මේ පිරිස සැරසෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.