කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට තමා කැබිනට් මාධ්‍ය හමුව පවත්වන වග කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
එහිී අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා මාද්‍යවේදීන්ට කීවේ ඉදිරියේදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරන බවයි.
අමාත්‍ය මණ්ඩල තීරණ ගැන පැන නගින ප්‍රශ්න හා අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් මෙහිදී විමසිය හැකි යැයි ඔහු ප්‍රකාශ .කෙළේ ය.
නව ක්‍රියාමාර්ග අනුව කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේ යැ යි ජයතිස්ස මහතා සඳහන් කළේ ය.
ඔහුගේ මේ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍යවේදීන් ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුව වක්‍රාකාරයෙන් මාධ්‍ය මර්දනය කරමින් ඉන්නා බවට චෝදනා ඉදිරිපත් කෙන බව යි. වෙබ් අඩවි ලියාපදිංචි අලුත් කරන්නට අයදුම්පත් ඉදිරිපත් කළ විට ඒක යවනවා ආරක්ෂ අමාත්‍යාංශයට. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒකට නිශ්කාශන ලබා නොදී දිගින් දිගට ම ප්‍රමාද කරමින් පවතිනවා. එතකොට ඒ වෙබ් අඩවිවලට ලියාපදිංචිය කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඊටපස්සේ දැන් ඔබ තුමාල නියෝගයක් නිකුත් කරනවා ජනමාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට විතරයි මේ කැබිනට් තීරණ ගැන පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වෙන්න පුළුවන් කියලා.
ඔබ තුමාලා වක්‍රාකාරයෙන් මාධ්‍ය මර්දනය කරමින් රටට පෙන්නනවා මාධ්‍යා ආරක්ෂා කරනවා කියා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?