උණුසුම් පුවත්කාලීනදේශපාලන

කොළඹ මහ පුටුව NPP යේ බල්තසාර්ට

රහස් ඡන්දෙන් ව්‍රායිට ඡන්ද 61 යි - රිෂාට 54 යි

කොළඹ මහ නගර සභාවේ නව නගරාධිති ලෙස ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය  අද (16) මීට ටික වෙලාවකට කලින් තේරී පත්විය.

නියෝජ්‍ය නගරාධිපති තනතුර හිමිවූයේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී හේමන්ත කුමාර මහතාට යි. හේ පත්වූයේ නිතරගයෙනි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 48 ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්කම් පෑවත් එහි බලය තහවුරු කර ගන්නට ඔවුනට නොහැකි විය. ඒ විපක්ෂයේ පක්ෂවලට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිව තිබීම නිසයි.

ඒ නිසා සභිකයින්ගේ බහුතර මනාපය විමසීඹ උදෙසා අද (16) උදේ දින තීන්දු කරන ලද බස්නාහිර පළාත් පාලන කොමාරිස් සාරාංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය  විසින් පවත්වන ලද ඡන්ද විමසීමේ දී පැවති රහස් ඡන්දයෙන් බල්තසාර් මහත්මියට මන්ත්‍රීවරුන්ගෙන් 61 ක ගේ කැමැත්ත ඇති බව කොමසාරිස්වරිය විසින් ඡන්ද ගණන් කිරීමෙන් පසු නිවේදනය කළා ය.

ඇයට එරහිව තරග කරන ලද සමගි ජන බලවේගයේ මන්ත්‍රී රීෂා මොහෙමඩ් මහතා ලද්දේ ඡන්ද 54 කි.

මේ උදෙසා පැවති ඡන්ද වමසීමට කොළඹ මහ නගර සභාවේ මහජන නියෝජිතයින් 117 කු ඡන්දය පාවිච්චි කළ අතර ඡන්ද දෙකක් අවළගංතු වූ බව කොමසාරිස්වරයි සඳහන් කළා ය.

කො ළඹ මහ නගර සභාවේ නගරාධිපති පුටුව කවරකු විසින් අත්පත් කර ගන්නේ දැ යි යන කාරණය ගැන රට තුළ පැවැතියේ දැඩි විමසිල්ලකි.

බල්තසාර් මහත්මිය ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකාව සේ තරග වැදුණු අතර ඇය ඒ ගැන දැඩි විශ්වාසයකින් පසුවූවා ය.