කැබිනට් මණ්ඩල තීරණ කිහිපයක්
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉකුත් වසරේ ජුනි මස ඇති වූ ජල ගැලීම් හේතුවෙන් සිදුවූ හානි ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමටත් ජල ගැලීම් යළි ඇති නොවීමට ඇවැසි නිර්දේශ සහිත වාර්තාවක් එම නගරයේ ප්‍රතිසංවිධානය කරන්නට පුළුල් සංවර්ධන සැලැස්මක් නිමහම් කරන්නටත් කොළඹ මහ ලේකම්වරයා ගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කෙරේ. ඒ ගැන ඊයේ පැවති කැබිනට් හමුවේ දී තීරණය කර ඇත.
ජාත්‍යන්තර ජලසම්මේලනය (IWC) හා 9 වන පර්යේෂණ සම්මන්ත්‍රණය පැවැත්වීම
ජාත්‍යන්තර ජලසම්මේලනය (IWC) හා 9 වන පර්යේෂණ සම්මන්ත්‍රණය පැවැත්වීම සහ ලෝක ජල දිනය සැමරීමට ද මාර්තු 19 හා 20 වැනි දින දෙකේ ''නවෝත්පාදන පර්යේෂණ ඩිජිටල්කරණය සහ අනාගතය සඳහා ඔරොත්තුදීමේ හැකියාව තුළින් තිරසර ජලය සහ අපජලකළමනාකරණය" තේමාකොට ගෙන මේ සම්මන්ත්‍රණය පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
තෝරාගත් දිස්ත්‍රික්කවල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩ සටහන
තෝරාගත් දිස්ත්‍රික්කවල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩ සටහන හරහා පිළිකා ගැන ආවේක්ෂණය ශක්තිමත් කිරීම ද ඊයේ කැබිනට් මණ්ඩලය ගත් තවත් තීරණයකි.
ත්‍රීකුණාමලයේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24 ක් සංවර්ධනයට
ත්‍රීකුණාමලයේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24 ක් සංවර්ධනයට ද තීන්දු විය.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම හා ත්‍රීකුණාමලය ඛනිජතෙල් පර්යන්ත සමාගම, චීනවරායේ තෙල් ටැංකි අංගනයේ හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා 2022. 01. 06 අත්සන් කරැති ගිවිසුම ප්‍රකාරව ටැංකි 24 ක් වසර 50 ක කාලයකට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට බදු පදනම මත ලැබී ඇත. මේ තෙල් ටැංකි හවුරුදු 3 ක් සංවර්ධනයට තුන් හවුරුදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක් කරන්නට ද කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැ යි කැබිනට් තීන්දු ප්‍රකාශක ඇමති දොස්තර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ය.
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම්
අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තවත් තීරණයක් නම් සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලංකා සුනිත් යබලශක්ති අධිකාරියට පිරිනැමීම යි.
