විපතින් ගේ දොර අහිමි ජනයා ආරක්ෂිත ස්ථාන 154 ක සිටිති.
වෑසි, සුළං හා ගංවතුර හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයෝ 253 581 ක් පීඩාවට පත්ව සිටිති. ඒ පවුල් 66 906 කට අයත් පිරිසකි.
රටේ ඇතිව තිබූ ජලගැලීම්වට හසුව හා ඒ ආශ්රිත වෙනත් අනතුරුවලට ලක්ව පුද්ගලයින් 21 කුට ජීවිත අහිමි විය. තවත්13 ක් තුවාල ලබා සිටිති. පුද්ගලයින් 02 කු අතුරුදන් වී ඇතැයිආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සිදුවූ ජීවිත හානිවලින් හයකට ගොදුරුවූයේ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් ය. සංඛ්‍යාව හය දෙනෙකි. රක්නපුර දිසාවේ මරණ ගණන පහකි. කොළඹින් හා ගාල්ලෙන් පුද්ගලයින් තිදෙනකු බැගින් ද කළුතරින් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ දෙක බැගින් ද වාර්තා වී ඇත.
නිවෙස් හතළිස් දෙකකට පූර්ණ හානි සිදු වී ඇත. ගේ දොර හාරදාස් තුන්සිය තුනක් අර්ධ හානියට ලක්ව තිබේ.
අපාදාවෙලින් විපතට පත් පිරිස් ආරක්ෂිත ස්ථාන එකසිය පනස් හතරක රැකවරණයට යොමු කර ඇති බවත් ඒ ස්ථානවල පවුල් දෙදාස් පන්සිය හැටපහක සාමාජිකයින් දහදාස් හත්සිය තිස් හත්දෙනකු රඳවා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.