ආරක්ෂකඋණුසුම් පුවත්

ගණේමුල්ලේ සංජීව උසාවියේ දී ම මරා දමයි

ඝාතකයා නීතිඥ වෙසින්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබේ.

අලුත්කඩේ අධිකරණයට නඩුවිභාගයක් වෙනුවෙන්  සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නම්  සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා උසාවි සංකීර්ණයේ කාමර අංක 5 තුළ දී වෙඩික්කරුවකු ගේ ප්‍රහාරයකට ගොදුරුව මිය ගොස් ඇත. 

ඝාතකයා මේ ඝාතනය උදෙසා පැමිණ ඇත්තේ නීතිඥයකු සේ වෙස්වලා ගෙන යැ යි ද කියන පොලිසිය ඔහු අල්ලා ගැනීමට විශේෂ සොදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

සංජීව මරා දැමීමට උපයෝගි කරගත් බවට සැකකරන ගිනි අවිය ද ඒ අසල තිබී සොයාගෙන තිබේ.