උණුසුම් පුවත්

ගහලයන් දෙන්නකු අද(05) උදේන් ම තරුණයකුට වෙඩි තබා ඝාතනය කරලා

සීසීටීවී කැමරාවක ඝාතන දසුන් සටහන් වී ඇත.

ගල්කිස්ස - වෙරළ පාර හන්දියේ දී  අද (05)  උදේ ‌ 6.35 ට පමණ මහමඟ අමදිමින් හුන් තරුණයකුට වෙඩි තබා මරා දමා ඇත.     

හේ නගර සභා සේවකයෙකි.

යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙන්නා තරුණයාට වෙඩි තබා ඇත්තේ  ඔහු පසුපස හඹා යමින් යළි වෙඩි කිහිපයක් එල්ල කිරීමෙන් දඩයක්කරුවන් පලා ගොස් ඇත.

 තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණි.

ඔහු බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බව ආරංචි මාර්ග කියයි.  ඔහු 2023 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට පත්වූ්වූ බව ද කියයි.

ඝාතකයින් ගේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් මේ නගර සභා සේවකයා ගේ මව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනා මත දැනට ද බන්ධනාගාරගතව සිටින්නී ය.

වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ හේ  අනතුරුව ප්‍රධාන මාර්ගය දෙසට දිවයද්දී  දඩයක්කරුවන් යළිත් ඔහු ලුහුබැඳ තවත් ගිනි උණ්ඩ කිහිපයක් එල්ල කරන අයුරු  CCTV කැමරාවක සටහන්ව ඇත.

මේ ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.