උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

ගාල්ලේ රිච්මන්ඩ් අවසන් මහා සටනට

අවසන් හටන කොළඹ මහානාමයේ හපනුන් සමඟ

            බෙවින් හා‌ තෙනුෂ්ගෙන් හයවන කඩුල්ලට ලකුණු 110 සබදතාවක් !

ගාල්ල රිච්මන්ඩි විද්‍යාලයීය 19 පහළ පළමු පෙළ (Tier A )ක්‍රිකට්  කණ්ඩායම ඊයේ (30) සීමිත පන්දු වාර 50 අවසන් මහා සටනට තරග වැදීමට සුදුසුකම් ලැබී ය. ඒ කැලණිය ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය තමන් සතු කර ගනිමිනි.

                                    අවසන් සටනට සැරසෙන රිච්මන්ඩ් පොඩ්ඩන් පුහුණුකරුවන් සමඟ

බෝයගනේ පිහිටි යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්විණි.  වයස අවුරුදු 19 පහළ පළමු පෙළ (Tier A ) සීමිත පන්දු වාර 50 අවසන් මහා සටනට වරම් ලබා ගැනීම උදෙසා පැවති ගුරුකුල, රිච්මන්ඩ් ගැටුමේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුරුකුල කණ්ඩායම ලකුණු 174 සීමා කිරීමට රිච්මන්ඩි පන්දු යවන්නෝ සමත්කම් පෑහ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනුර පන්දු 102 මුහුණ දෙමින් ලකුණු 79 ලබා ගැනීමට සමත් විය. ලකුණු 22 ලබාගනිමින් සිය නායකයාට සහාය වූයේ ජනිත් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නෙත්සර ආකාශ්, තෙනුෂ නිම්සර සහ හිරුන් අකලංක කඩුලු දෙක බැගින් ලබා ගනිමින් සිය දායකත්වය කණ්ඩායමට එක් කරනු ලැබිණි.

රිච්මන්ඩි  විද්‍යාලීය කණ්ඩායම පන්දු වාර 42 අඩුලු 5 පමණක් ලබාදෙමින් සිය ජයමාවත විවෘත කර ගනු ලැබීය.

හයවෙනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 110 සම්බන්ධතාවයක් ඉතා ඉහළ අයුරින් එක්කළ නිම්සර සහ බෙවන් ලකුණු 59 සහ 57  ක් තම තමන්‌ගේ නම් ඉදිරියේ, සටහන් කර ගැනීමට සමත් වූහ. මෙම අර්ධ ශතක සම්බන්ධතාවය දැකුම්කලූ පිති පහරවල් වලින් අලංකාර විය.

රිච්මන්ඩි කණ්ඩායම මීට පෙර තරගයේ දී, මරදාන ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජයට පත් කළ අතර ප්‍රථම වටේ තරගවලදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කළේය.

කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කළ, කොළඹ මහානාම විද්‍යාලය අවසන් මහා තරගයේදී රිච්මන්ඩි  විද්‍යාලය මුණ ගැසෙනු ඇත.

ලකුණු පුවරුව

ගුරුකුල විද්‍යාලය ලකුණු 174 පන්දු වාර 46 දිනුර 79 ජනිත් 22  නෙත්සර 2/19 නිමිසර 2/38 අකලංක 2/40

රිච්මන්ඩි විද්‍යාලිය ලකුණු 175/5 පන්දු වාර (42) තෙනූෂ නිම්සර 59 බෙවන් ජයවර්ධන 57 හංසජිත් 30 ජනිත් මිහිරංග 2/6