හේ ලයනල් ප්‍රේමසිරි ය
හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්වරයකු සේ කටයුතු කරන ලද ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මහතාගේ සමගි ජන බලවේගය ගොඩට එක්වී ය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක හා චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් සමඟ සජිත් ප්‍රේමදාස මහතා හු වී ඔහුට සහාය දීමට හේ ගාල්ලෙන් පෙරට පැමිණ සිටි.
ප්‍රේමසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ඔස්සේ දේශපාලන දිවිය අරඹන ලද්දේ ය. ඒ ගාල්ල මහ නගර සභාවෙනි. හේ එහි පුරපතිවරයා ලෙස ද දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු හැටියට ද අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරී ය.
ලයනල් ප්‍රේමසිරි මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. කලක් ඔහු කැනඩාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ද හෙබවී ය. ගාල්ලේ ජනප්‍රිය චරිතයකට හිමිකම් කියන හෙතෙම ගාල්ල පුරපතිවරයා සේ සේවයේ සිටිය දී ගාල්ලේ වරිපණම් ගෙවන්නන්ට විශාල කාර්යභාරයක් කරන්නට සමත්කම් පෑ ය.