තවුෆික් ජමාඩ් සංවිධානයේ සාමාජීකයින් හතරක්
අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ISIS ත්රස්තවාදීන් යැයි සැක කරන සිව් දෙනෙකු ගුජරාට්ත් ත්‍රස්ත මර්ධන එකකය විසින් අත්අංගුවට ගෙන කළ විමර්ශනවල දී ඔවුන් ගේ තොරතුරු අනාවරණය වී ඇත.
පොට්ට නවුෆර් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ හුන් අං එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයා ගේ දෙවැනි විවාහයේ පුතකු වන අතර ඔහු හතළිස් වතාවක් ඉන්දියාවට ගොස් ඇත්තෙකි. මොහොමඩ් නවුෆර් නමැති මොහු ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මොහොම් නුෆ්රාම් නමැත්තා ද තිස් අට වරක් ඉන්දියාවට යාම්ඊම් කළ පුද්ගලයෙකි. හේ 38 වියැත්තෙකි.
මොහොමඩ් රෆ්දීන් හා මොහොමඩ් ෆාරිස් ගේ පළමුවැනි ඉන්දීහ සංචාරය මෙය බව පොලිස් විමර්ශකයෝ කියති. මාළිගාවත්තේ දී පොලිසිය විසින් අල්ලා ගෙන ප්‍රශ්න කළ පුද්ගලයකුගෙන් අනාවරණය වූ කරුණු අනුව මේ තොරතුරු පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හෙළිකර ගෙන ඇත. මොවුන් ඉන්දියාව බලා පිටත්ව ඇත්තේ ඉන්ඩිරෝ ගුවන්ත් යානයකින් ඉකුත් 19 වැනි දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටෙනි.
මොවුන් තවුෆික් ජමාද් නම් සංවිධානයේ සාමාජිකයින් බව හෙළි වී ඇත.