රටක් ලස්සන වෙන්න නම් පරිසරය ද ලස්සන වෙන්න එපා යැ නේ ද?
විජේපාල. ලාල් කාන්ත ඇමතිවරුනට පරිසරවේදී චාමිකරගෙන් දිගු ලිපියක්
 වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ නීති විරෝධී ප්‍රකාශයත් සමඟ සමාජය තුළ වගා හානි කරන වන සතුන් පිළිබඳ ව විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ අතරතුර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින සියලූ ම අලි - ඇතුන් හමුදා මෙහෙයුමකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ගෙන ගොස් ගාල් කරන බව ය. ඒ සඳහා වන සැලැසුම් මේ වන විට සකස් කරමින් පවතී. මේ සියලු කරුණු දෙස බැලූ වීට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විද්‍යාත්මක, පුළුල් ප්‍රතිපත්තිමය හා තිරසර, ප්‍රායෝගික විසදුම් ලබා දිය යුතු ඉතා ම සංවේදී ගැටළුවලට අවිද්‍යාත්මක හා අමනෝඥ විසදුම් ලබා දීමට ක්‍රියා කරමින් සිටින බව ය.

වන සතුන් ගෙන් සිදු වන වගා හානි පාලනය කිරීම, වන සතුන් බහුල ව වගා බිම්වලට පිවිසීමට බලපෑ හේතු සාධකවලට පිළියම් සෙවීම පමණක් නොව සමස්ත කෘෂිකර්ම අර්බුදයට ම විසදුම් සෙවිය යුතු බව අප දනිමු. මේ නිසා පසුගිය ඉතිහාසය පුරා ම අප මේ පිළිබඳ ව අඛණ්ඩ ව අරගල කළෙමු. පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කරන ලද වැරදි සංවර්ධන ව්‍යාපෘති, වැරදි ආයෝජන ක්‍රියාවලීන් සහ ඒ සඳහා වන වැරදි ප්‍රතිපත්ති හා අනපණත් සංශෝධනය කිරීම ඇතුළු බෝහෝ හානි කර ක්‍රියා සඳහා අප ගොවි ජනතාව සමඟ එක් ව ඊට එරෙහිව නැගී සිටියේ මේ සියල්ලේ ම අවසාන ප්‍රතිඵලය ගොවිතැන හා ගොවියා අර්බුදයකට මුහුණ දීම බව ඉතා ම හොඳින් දන්නා නිසා ය. නමුත් වගකීම් විරහිත ව හා ගැටළු ව නිවැරදිව තේරුම් නොගැනීම මත ව්‍යවස්ථාදායකය තුළ මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හා අමාත්‍යවරු සතු බලය වැරදි ලෙස භාවිත කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීමේ පරමාදර්ශය ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොව රටේ පවතින ගැටළු සඳහා ජනතාව සමඟ සාකච්ඡා කර, විද්‍යාත්මක පදනමක් මත, සැබෑ තිරසර විසදුම් ලබා දෙන පාලන ව්‍යුහයක් ගොඩනැගීමට ය.
වන සතුන් වගා බිම්වලට පැමිණීමට හේත