මහවැලි කේන්ද්‍රයේ දී පස්වරු 2. 30 ට එක්ව කතුවරයා හා හෙළවෙදකමේ ආශ්චර්යමය සිහින දකිමු
'යායතුන', 'පසංසිතෝ,' 'පැන්කෙණ්ඩියක්,' 'සක්කාරං,' 'සත් පුරුෂ, 'කාල අග්නි 'හා 'සන්තිපරං 'නවකතා හෙළ පාඨකයන්ට පුදන ලද නිර්මාණශීලී සම්මානනීය සම්මානනීය නිර්මාණකරුවා විසින් රචිත නවතම කෘතිය ස්වප්නේශ්වර යි.
මේ කෘතියට පාදක කරගෙන ඇති කාලවකවානුව අදින් හවුරුදු 205 ක තරම් දුර අතීතයකි. ඒ බ්‍රිතාන්‍ය පාලකයන් හෙළදිව අත්පත් කරගෙන පස් හවුරුද්දක් ගෙවුණු සමයයි. ක්‍රි. ව. 1820 දී රුහුණු රටේ චිර ප්‍රසිද්ධ පාරම්පරික යක් දෙසි හා හෙළ වෙදැදුරු පවුලක් පදනම් කර ගත් කතාවස්තුවක් ඔස්සේ චම්මින්ද අපට කියන්නා වූ කතාවකි ස්වප්නේශ්වර.
මේ ගැන හෙළදිව හා කෙටිකතා බහක නියැළි චම්මින්ද සිය නිර්මාණ කෘතිය ගැන කියන්නේ මෙහෙමයි.
''කාලය පසුබිම් කරගන්නේ මෙරට බ්‍රිතාන්‍යය පාලනයේ 1820 ගණන් වලින් ඇරඹෙන්නේ. රුහුණේ චිර ප්‍රසිද්ධ පාරම්පරික ඇදුරු හා වෙද පවුලක යකුන් සමග කෙරෙන කාරී අතර එම පවුලේ එකම දරුවා සිය ජීවිතය ලෙස වෙදකම තෝරා ගන්නවා"
''එහෙත් යකුන් හා භූත සහාය ලබා ගනිමින් තමයි වෙදකම් කරන්නෙ. මියගිය ඇදුරු පියා විසින් සිය එකම දරුවා නිතරම රකිමින් අවසානයේදී සිංහලේ ගම් මඩුවක් කරවනවා"
''ඉන්පසු යළි සිය වෙදකමට බසින ඔහු එවක අරඹා තිබූ මෙරට වෛද්‍ය විද්‍යාලයට සිය පුත්‍රයා යවනවා. බටහිර වෙදකම උගන්නා ඔහු පියාගේ සිංහල වෙදකම හා බටහිර වෙදකම සිංහල දේශයට ගැලපෙන අයුරින් නිර්මාණය කිරීමට උත්සාහයක යෙදෙනවා. ඔහුට ඔහුගේ මිතුරන්ගෙන් මෙන් ම වෛද්‍ය විද්‍යාලයෙන්ද අවහිර කරදර බාධකවලට මුහුණ පාන්න යි සිද්ධ වෙන්නේ"
''ඕන් ඔය අතර මිෂනාරින් විසින් ඉංග්‍රිසි අධ්‍යාපනයේ මුවාවෙන් මෙරටේ ආගම ප්‍රචාරය පටන් ගන්නවා. ඒ අයට එරෙහිව යන්නේ මෙහි ප්‍රධාන චරිතය වූ සුන්දරමානගේ යක් හා භූතයන්" කියයි.
මේ නිර්මාණය කිසියම් ගැඹුරු පර්යේෂණයක ඵලයක් බව පෙනී යන්නේ නිර්මාණය උදෙසා උපයුක්ත බස ගැන සැලකීමේදීය.
පහතරට වැසියාගේ බස් වහර අප නිර්මාණ තුළින් මඳක් හෝ කියවූයේ මාර්ටින් වික්‍රමසිංහයන් හරහා යි. ඊට දසක ගණනාවකට පසු මේ නිර්මාණය උදෙසා එදවස පහතරට වාචික බස මෙන්ම උඩරට තත්කාලීන බස ද යොදා ගන්නා ආකාරය නිසාය. එසේම කංකාරී හා යක්ෂ භූත මෙන්ම බුදුදහම ඇසුරෙන් ද මතු කෙරෙන කරුණුවල ඇති ගැඹුරු කියවීම් නිසා එය තවත් තහවුරු වෙන බව පෙනේ.
නිර්මාණකරුවා බලි බිලි තොවිල් යනු නූගත් ගැමියාගේ අවිද්‍යාත්මක චින්තනයේ පිළිබිඹුවක් නොව එය කිසියම් ශික්ෂණයක් මත හැදෑරිය යුතු සාහිත්‍යය හා විද්‍යාත්මක ක්‍රම වේදයක් බවට දක්වන කරුණු ඉතා ගැඹුරෙන් සළකා බැලීමට පාඨක ඔබත් මාත් පොළඹවන බව පැහැදිලි යි.
කතාව අවසන් වෙන්නේ අපේ පැරන්නන්ගෙන් අප ඇසූ දේශීය වෛද්‍ය විද්‍යාව අප ඇස් ඉදිරියේ රූප මවමිනි.
එය මෙතෙක් අප කතුවරයා ඇසුරේ කියවූ ඔහුගේ බොහෝ නිර්මාණ වලට හාත්පසින් වෙනස් වූ අද්භූත ගණයේ නොව Myth සංකල්පමය නිර්මාණයකි.
- සුගතපාල මැන්දිස් -