උණුසුම් පුවත්දේශපාලන

ඡන්ද ප්‍රචාරක කටයුතු ඔක්කොම අද (11) රෑ 12 න් අහවරයි

මැතිවරණ කොමිසම කියයි

මැතිවරණ නීතිය යටතේ ඡන්ද දිනයට පැය 48 කට පෙර සියලු ම පක්ෂවල අපේක්ෂකයින් ගේ  සියලු ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට සිදුවිි යුතු බව මැතිවරණ කොමිසම කියයි. 

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද 12 වන දින වන විට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසී ය .

''මේ වන විට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා තිබෙනවා. එම කාර්යාලවලින් ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු වෙනවා. 12 මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාලය පමණක් බව ද හේ සඳහන් කළේ ය.

ඒ වගේම ඒ දිනයේ සිට අපේක්ෂකයින්ට හැකියාව තිබෙනවා මැතිවරණ කොට්ඨාසයටම එක් කාර්යාලයක් පිහිටුවා ගන්නට.  අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යා හැකි වුවද  එහි සැරසිලි කිසිව් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක්  හෝ කිරීමට හැකියාවක් නැති වග ද හේ අවධාරණය කරයි