උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනපති අනුර ලෝක ලොක්කන් හමුවේ කළ ප‍්‍රකාශය 2019 රුවන්ඩා ජනපතිගේ කතාව?

Fighting corruption is dangerous, but not fighting it is much more dangerous" - Rwandan President - PaulKagame

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.

අදාළ ප්‍රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයියන්නයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි. ජනාධිපති කගාමේ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වසරේදී, පැවති දූෂණ විරෝධී දේශනා සමුළුවකදී බවට තොරතුරු වාර්තා වේ.

 සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා සිය කතාවේදී මෙම ප්‍රකාශය උපුටා ගැනීමක් බවට සඳහන් නොකිරීම සම්බන්ධයෙනි.

ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම කියමන වෙනත් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් බව විධිමත් ලෙස පිළිගැනීම වගකීම් සහගත හා යෝග්‍ය ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගතය සහ එහි මූලාශ්‍රය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස අදහස් හුවමාරු වෙමින් පවතී.

උපුටා ගැනීම - ලංකා සී නිවුස් වෙතිනි