ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

ජනවරමට පිටුපා සකස් කළ අයවැයක්

රනිල් වික්‍රමසිංහ ගිවිසුමම ක්‍රියාත්මක කරන්නේ ඇයි ? - සජිත් අද පාර්ලිාම්න්තුෙව් දී අසයි

2025 අයවැය ගැන සාකච්ඡා කරන විට මේ අයවැය තුළින් රටට ලබා දී ඇති විසදුම හා උත්තර ගැන විශ්ලේෂණය කරන විට මෙවැනි අයවැයක් ක්‍රියාත්මක කරන්න ලැබූ වරම සහ එම වරම ක්‍රියාත්මක කිරීම ගැන සංසදනයක් කළ යුතු බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රට අනුරට කියා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවේ ඇති ගුණාංග අයවැයේ තිබේ ද කියා බැලීමේ දී පොරොන්දු වූ ආකාරයට ලබා ගත් වරමට සරිලන ආකාරයට මේ අයවැය නිර්මාණය නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජයේ අයවැය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් නිර්මාණය කරනවා යැයි සදහන් වුවත් ඒ පොරොන්දුව බැහැර කර අද වන විට ජනතාව මත අසීමිත පීඩනයක් අසහනයක් පටවන ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ සීමා කෙරෙන 2024 මූල්‍ය කළමනාකරන පනතට අනුව ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ 13%ට සීමා කර ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදතයේ 2.3%ට සීමා කර ඇති බවත් එවැනි සීමා කර ඇත්තේ ලෝකයේම රටවල් 10ක පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා රජයේ මැතිවරණ පොරොන්දුවක් නොවන බවත් මේවා මැතිවරණයෙන් ලැබූ ජනවරම ක්‍රියාත්මක කිරීමක් නොවන ජනවරම පාවා දීමක් ජනවරම විනාශ කිරීමක් බවත් කියූ දේවල් සියල්ල අමතක කර කටයුතු කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

අයි එම් එෆ් එකගතාව ජාත්‍යන්තර බැදුම්කර එකගතාව දැඩි ලෙස පීඩාකාරී අසහනකාරී ගිවිසුමක් බවත් අයි එම් එෆ් වැඩපිලිවෙළින් ඉවත් නොවී වඩාත් ජනතාවාදී මානුෂීයවාදී ජනතාවගේ පැත්තෙන් සිතා බලා නව ගමනකට යා යුතු වුවත් රජයේ මේ සීමා නිසා බාහිරතාවලට අදාල නිවැරදි කිරීම් කළ නොහැකිව සමාජ පිරිවැයක් නිර්මාණය වී ඇති බවත් රජයක වගකීම වන්නේ පොදු භාණ්ඩ සැපයීම වුවත් එයටද මේ සීමා බාධා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි සීමා කිරීම් රටක දියුණුවට අගතිගාමී සෘණාත්මක බලපෑමක් වුවත් පැහැදිලිවම රජය මේ සියල්ල අමතක කර ඇති බවත් එදා මේ ගිවිසුම් වෙනස් කරනවා කිව්වත් ඒවා අමතක කර ජනතා වරමින් ලබා ගත් වත්මන් රජය එම ජනවරම සම්පූර්ණයෙන්ම පාවා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේක ජනවරම පාවා දීමක්

වැටුප් වැඩි වූවාද දීමනාවලට මොකද වුනේ කියා ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් සොච්චම් ප්‍රමානයක් පමණක් රට ගොඩනගන්න ලැබී ඇති බවත් තමාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමු වූ අවස්ථාවේ පවා අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන බව පැවසූ බවත් ඔවුන් කියන කියන පදයට නටන්න නම් සමගි ජන බලවේගය සූදානම් නොවූවත් වත්මන් ජනාධිපතිවරයා එදා මැතිවරණ වේදිකාවේ කියූ දේවල් සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාකච්ඡා කළ ගිවිසුම බාර ගෙන ජනවරම පාවා දී ජනතාව අන්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ගිවිසුමම ක්‍රියාත්මක කරන්නේ ඇයි ?

රට වෙනුවෙන් මීට වඩා වාසිදායක ගිවිසුමකට යා හැකිව තිබූ බවත් පීඩනය අවම කිරිමට හැකියාවක් තිබූ බවත් මේවාට යම් විසදුමක් දෙන්න හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකග වූ අවබෝධතා බැහැර කර වඩාත් මානුෂීය වැඩපිළිවෙළකට ප්‍රවේශ වෙන්න හැකියාව තිබු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2028 ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය ඉහළට ගෙන රාජ්‍ය ආදායම ඉහළට ගෙන ආ යුතු බවයි.

මෙහෙම ගියොත් ආර්ථිකය විනාශයි

1975 සිට මේ දක්වා අයි එම් එෆ් ගිවිසුම් රටවල් 75 ක්‍රියාත්මක වූ බවත් ඒ අතරින් 59%ක් නැවත දෙවැනි තුන්වැනි සිව්වැනි ගිවිසුම්වලට ගොස් ඇති බවත් මෙය රටේ ජනතාවට නොකියන දෙයක් බවත් රටවල් 41%ක් පමණක් ක්‍රියාත්මක වී ඇති බවත් මේ තත්ත්වය රටට අත් වුවහොත් රටේ ආර්ථීකය විනාශ වීමක් බවත් නමුත් අද වන විට ණය තිරසරකරණ රේඛාවෙන් පවා අප රට බැහැර වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් නිවැරදි ගිවිසුමකට යන්න

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මහමැතිවරණ ඒමට මාස 2ක කාලය තුළ අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර නව ගිවිසුමකට යා යුතුව තිබුණත් නොගිය බවත් එම නිසා දැන්වත් ගිවිසුමකට යන ලෙසත් මේ ආර්ථික වර්ධන ඉලක්ක යථාර්ථවාදී නොවන නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් මේ යන්නේ රට අමාරු තැනකට බවත් මින් අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවක අපේක්ෂා භංග වෙලා

ගුරු විදුහල්පති, පවුල් සෞඛ්‍ය සේවා වෛද්‍ය මෙන්ම රාජ්‍ය සේවයේ බරපතල ව්‍යාකූලත්වයක් මතුව තිබෙන බවත් රජයට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම් දෙන්න නොහැකි වී ඇති බවත් ප්‍රාථමික ශේෂය සීමා කිරීම නිසා මෙය සිදුව ඇති බවත් මේ නිසා රටට අනුරට ප්‍රතිපත්තිය පවා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බවත් ආණ්ඩුවම හිරකාරයෙක් වී ඇති බවත් මේ නිසා වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලැබුණු 15% පොලිය පවා අඩු කර ඇති බවත් මේ නිසා ලක්ෂ සංඛ්‍යාත වැඩිහිටියන්ට ගැටලුවක් බවත් ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාක දුන්නාට ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 33%ක් බවත් එය 45%ක්වත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝඨා මහින්ද ක්‍රමයයි මේ ක්‍රියාත්මක වෙන්නේ

වත්මන් රජයෙන් නම් ක්‍රමයේ වෙනසක් සිදු නොවී ඇති බවත් ගෝඨාභය මහින්ද රාජපක්ෂ ක්‍රමය වෙන් වී ඇති බවත් රජයේ අභිමතය පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් මේවා ගෝඨාගේ මහින්දගේ ක්‍රමය බවත් ඊට අමතරව බරපතල දේශපාලන පළිගැනීම් සිදුවන බවත් දිසාපතිවරු පවා ඉවත් කරන තැනට රජය පත් වී ඇති බවත් මේ පළිගැනීම් නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 හොද දේට අපේත් සහාය තිබෙනවා

මේ අයවැය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් එසේම ජනතාවාදි ජනහිතකාමී ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න සහාය දෙන බවත් විමද්‍යගත මුදල් ලබා දෙන විට හරියට දෙන ලෙසත් මේ රජයට බාහිර පරිසරය ගැන කිසිදු අවබෝධයක් නොමැති බවත් ලෝකයේ වෙන දේවල් ගැන පවා රජයට අවබෝධයක් නොමැති බවත් මේ වන විට අපනයන වෙලෙදපොළ විවිධාංගීකරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.