උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 සඳහා තරග කිරීමට අපේක්ෂකයන් 10 ක් මේ වන විට ඇප මුදල් බැඳලා

පිළිගත් දේශපාලන පක්ෂ හතකින් හා ස්වාධීන අපේක්ෂකයන් සේ මේ වන විට මොවුන් සටන් බිමට බැස සිටී.

එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා තවත් අපේක්ෂකයන් නම දෙනකු ඇප මුදල් තැන්පත් කරැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ඇප මුදල් බැඳ ඇති අපේක්ෂකත්වය අපේක්ෂා කරන්නන් ගේ නාම ලේඛනය මෙසේ යි.

01. රනිල් වික්‍රමසිංහ මහතා (ස්වාධීන)

02. සරත් කීර්තිරත්න මහතා (ස්වාධීන)

03. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් මහතා (අභිනව නිවහල් පෙරමුණ)

04. ඒ. එස්. පී. ලියනගේ මහතා (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)

05. සජිත් ප්‍රේමදාස මහතා (සමගි ජන බලවේගය)

06. පී. ඩබ්ලිව්. එස්. කේ. බණ්ඩාරනායක මහතා (ජාතික සංවර්ධන පෙරමුණ)

07. විජයදාස රාජපක්ෂ මහතා (ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)

08. කේ. කේ. පියදාස මහතා (ස්වාධීන)

09. සිරිතුංග ජයසූරිය මහතා (එක්සත් සමාජවාදී පක්ෂය)

10. අජන්ත ද සොයිසා මහතා (රුහුණු ජනතා පක්ෂය)