සමගියට 27 ක එකතුවක්
යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරනවා
සමගි ජන බලවේගය මෙරට හඩක් නොමැති නිහඩ බහුතරයේ හඩ අවබෝධ කර ගෙනඇති නිසා යහපත් විනිවිදභාවයෙන් යුත් දූෂණයෙන් වංචාවෙන් තොර දුප්පත්කම තුරන් කරන ආදායම් මාර්ග වර්ධනය කරන ප්රගතිශීලී ආර්ථික වර්ධන කේන්ද්‍රීය ආණ්ඩුවක් ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුවම ජාතිබේදය ආගම්භේදය ඇති කළා
එසේම රජයක් පත් වන්නේ රටට වැඩක් කරන්න වුවත් පසුගිය කාලයේ රජය ජාතිබේදය ආගමිභේදය ඇති කර රට විනාශ කළ බවත් මේ අයට තරාතිරම් භේදයකින් තොරව නීතිය හමුවට ගෙන එන බවත් තමා කිසිදා හොරු රකින්නේ නැති බවත් මංකොල්ලකන අය සූදු කාරයෝ රට විනාශ කළ අය රකින්න තමා කටයුතු නොකළ බවත් එම නිසා පැහැදිලිවම නිතිය ක්‍රියාත්මක කර හොරැ අල්ලා එම හොරා කැ සම්පත් නැවත රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසීය.
අලුත් රටක් අලුත් ගමනක් ලක්ෂ 220 ම ජීවත් කරවන ගමනකට මුල පුරන්න එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ල සිටියේය.