දිලිත් ජයවීර නාමයෝජනා අත්සන් කළ අයුරු
මව්බිම පක්ෂෂයේ නායක නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණයට සටන් වැදීම සඳහා සුබ මූර්තියෙන් නාමයෝජනා පත්රයට අත්සන් තැබී ය.
(දිලිත් ගේ පෙරමුණේ රාලලා නම දෙනෙක් නාමයෝජන අත්සන් කිරීමෙන් පසුව යි මේ)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවීරවංශ මහතා විසින් ඉකුත් දෙසතියකට තරම් ඉහත දිනෙක කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී මුළු දුන් සර්ව ජනබලය පක්ෂයේ නියෝජිත සමුළුවේ දී සිය සන්ධානයේ ජනාධිපති ධූරාපේක්ෂක සේ දිලිත් ජයවීර මහතා ගේ නම අනාවරණය කරන ලද්දේ ය.
ඔහු තරග වදින්නේ තරුව ලකුණෙනි. ඒ ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලාංචනය යි.
සර්ව ජනබලය නමින් ගොඩනංවා ඇති පක්ෂයේ ජනාධිපති ධූරාපේක්ෂකයා සේ එම සන්ධානයේ ඒකමතික තීරණයට අනුව දිලිත් ජයවීර මහතා යෝජිත ජනාධිපතිවරණයට තරග වදින්නේ දේශමාමක බලවේග වල එකමුතුවෙකිනි.