ජනාධිපති ධූරාපේක්ෂක අනුර අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් බැහැ දකී
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද අනුර හා එක්ව සිටියේ ය.