උණුසුම් පුවත්

ජනාධිපතිවරණය – 2024

අනුර  නාමයෝජනා අත්සන් තබයි

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.