ජනපති අපේක්ෂකයින් 4 ක ගේ තත්ත්ව කොහොම දැ යි බලමු ද
රනිල් ගේ මාසික වැටුප රුපියල් 97500 කි. පාර්ලිම්න්තුවෙන් විශ්‍රාම වැටුපක් ලැබේ. එය 79816. 66 කි. මෛත්‍රී විකුමසිංහට විශ්වවිද්‍යාලයෙන් රුපියල් 576785. 50 ක් දළ වැටුපක් ලැබේ. එහි ශුද්ධ වැටුප නම් 393, 419. 70 කි.
නියමිත දින රනිල් අත ඇති මුදල රුපියල් 20, 000 ක් වන අතර ඔහුගේ බිරිය අත වූ මුදල රුපියල් ලක්ෂ දෙකකි. දෙන්නා ම සතුව රන් භාණ්ඩ 325. 000. 00 ක් බිරිය සතුව රුපියල් 340 .000 රත්ත්‍රන් හා බිරියගේ මවගෙන ලද රුපියල් මිලියන 3. 9 ක රන් ඇත.
ඔහු 2006 දී ජිප් රියක් මිලට ගෙන 2022 දී විකුණා ඇත. 2013 හා 2018 දී බෙන්ස් කාර් දෙකක් මිලට ගෙන ඇත. නිවෙස් දෙකකි. දෙකම ත්‍යාග සේ ලද ඒවා ය. කෘෂිකර්ම ඉඩම් ලැබී ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් දෙදෙනා ම රුපියල් මිලියන 1.85 බැගින් ණය ලබා ගෙන ඇත. 2019 දී. ප්‍රකාශිත දිනයේ දී දෙදෙනා ම රුපියල් 906, 410. 07 ගෙවීමට ඇත්තේ ය.
රනිල් වික්‍රමසිංහට ඇති කොටස් හිමිකම් ඇම්ට්‍රැඩ් ලිමිටඩ්, ඇසෝසියේටර්ස් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් (ලේක්හවුස්) ඒට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස්, බ්ලූ ඩයමන්ඩ් ජුවර්ලරිවර්ල්ඩ්වයිඩ්, කෙමනෙකස් පීඑල්සී, සීඅයිසී හෝල්ඩිංග්ස් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් සිලෝන් පීඑල්සී, කළම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩේව් කම්පැණි ලිමිටඩ්, කලම්බු පෝර්ට් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී, ඩේව් ෆයිනෑන්ස් කෝපරේෂන් ඔෆ් සිලෝන් පීඑල්සී, ගලදාරි හොටෙල්ස් ලංකා පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජේසීබී ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ්, කීල්ස් ෆුඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී, ලී හෙජස් පීඑල්සී, ලංකා හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ලිමිටඩ්, ලංකා හවුස් ඉන්වෙස්ට් ලිමිටඩ්, ලංකා ඔරික්ස් ලීසිං කොම්පැණි පීඑල්සී, එන්ඩීබී ඊගල් ග්රෝත්ඇන්ඩ් ඉන්කම් (යුනිටි ට්‍රස්ට්) නැෂනල් ඉක්විට් ෆන්ඩ්, නේෂන් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී, ෆාම් බීච් හොටෙල් ලිමිටඩ්, රෝයල් ෆාම් බීඩ් හොටෙල් පීඑල්සී, රන්වැලි රිසෝට්ස් හොටෙල් ලිමිටඩ්, ස්ටෑන්ඩඩ් ට්‍රේඩින් කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ්, සිතාරා ලිමිට, සන්ඇන්ඩ් ෆන්හොටෙල්ස් ලිමිටඩ්, සම්පත් බෑන්ක්පීඑල්සී, සන්ගිතා ලිමිටඩ්, ටැන්ජරින් බීච් හොටෙල්ස්, පීඑල්සී, යුනියන් බෑන්ක් ඔෆ් කළම්බු පීඑල්සී, චාමා ලැමිනේස් ලිමිටඩ් පීඑල්සසී, චාමා ලිමිටඩ්.
මෛත්‍රී වික්‍රමසිංහට අමායා ලෙෂර් පීඑල්සී කොටස් ඇත.
සජිත්
වැටුප රුපියල් 295, 681. 14 කි. බිරිය රැකියාවක් නැත්තියකි. ඔවුන් පවුලේ අයට බැංකු ගිණුම් 14 කි.ලංකා බැංකුව, සෙලාන් බැංකුව, එන්ඩීබී බැංකුව, එච්එන්බී බැංකුව, නෝෂන් ට්‍රස්ට් බැංකුව ආදියේ ය.
සජිත් සමාගම් දෙකක කොටස් හිමියෙකි කොටස් ගණන 22, 57, 640 කි.
ඔහු ජාල් සැලොන් පුද්ගලික සමාගමෙන් 13,768. 532. 75 ක් ණය මුදගත් ලබා ගෙන ඇත. එය ඔහුගේ බිරියගේ නමට මාරු කර ඇත්තේ ය. ප්‍රකාශිත දිනය වන විට ඔහු අත ඇත්තේ රුපියල් 67, 000 කි. එමෙන් ම ඔහුගේ බිරිය අත ඇති මුදල රුපියල් 2, 250, 000 කි. ඔහුගේ දේපොළ අතර පොල් හා වී වගාවෙන් යුත්ඉඩමකි.
සජිත් ගේණය ලැයිස්තුව අනුව දිගු එකකි. රුපියල් මිලියන 9 ක් හා රුපියල් 8, 660, 909 ණය දෙකක් ගෙන ඇත. මේ ප්‍රකාශය භාර දෙන දිනය වන විටත් එයින් රුපියල් මිලියන 9 ක ණය මුදල එසේ ම පවතී. අනෙක් ණය මුදල රුපියල් 214, 628. 65 දක්වා අඩුවී ඇත්තේ ය.
ඔහු ගේ බිරිය විසින් සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන 23. 5 ක් ලබාගෙන ඇත්තී ය. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 5. 5 දක්වා ප්‍රකාශිත දිනය වන විට අඩු වී ඇත.
2024 දී සජිත් විසින් 31, 30, 138 ක් ගත්තු ණය එසේ ම පවතී. එමෙන් ම දිනය යොදා නැති හා ලබාගත් ණය මුදල ප්‍රදර්ශනය නොවන ලෙස කළුතර ඇති ණය මුදලේ ඉතිරිව ඇති ප්‍රමාණය රුලියල් මිලියන 8. 41 කි. 2297000, 2147000 ක් හා 1000000 දිනයක් සඳහන් නොවන පරිදි ලබා ගත්තු උක්ත ණය මුදල් ගෙවා නොමැත්තෙන් ඒ අගයන් හි ම පවතින්නේ ය.
2014 දී ලබාගෙනැති රුපියල් මිලයන 2. 8ක් 2015 ලබා ගත්තු රුපියග් මිලියන 2. 825 ක් ද 2016 දී රුපියල් මිලියන 2. 1 ක් හා 2017 දී ලබාගත්ත්ර රුපියල් මිලයන 2. 3 ක් 2018 දී ලබාගෙනැති රුපියල් මිලියන 3. 15 ක් ද 2019 දී රුපියල් මිලියන 3. 6 ක් 2020 දී මිලියන 2. 7 ක් 2021 දී ලබාගත්තු මිලියන 1. 5 ක් 2023 දී ලබා ගන්නා ලද මිලියන 4 ක් හා රුපියල් මිලිය 01 ක 2024 දී ලබාගන්නා ලද රුපියල් මිලියන 36. 982 ක් හා රුපියල් මිලියන 2 ක ණය මුදල් ඒගණන් හිලව් එලෙස ම පවතී.
නාමල් ගේ වත්කම් හා බැරකම්
නාමල් රාජපක්ෂගේ මාසික වැටුප රුපියල් 54. 285 කි. පාර්ලිමේන්තු දීමනා එකතුව රුපියල් ලක්ෂ 4 ක් පමණ වේ. ඔහුගේ බිරියට රුපියල් 15, 000 ක් වියදම් ප්‍රතිපූර්ණය සහ සමාගම වශයෙන් දරන වියදම් ලැබෙන බව බව සඳහන් කර ඇත්තේ ය. ඔහුට ඔහුගේ බිරියට හෝ දරුවන්ට ලංකා බැංකුවේ, පෑන් ඒෂියා බැංකුවේ සහ සෙලාන් බැංකුවේ ද මහජන බැංකුවේ ද ගිණුම් ඇත්තේ ය.
ඔහු ලබා දී ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 63 කි. ඒ 2017 හා 2019 දී රුපියල් මිලියන 20 ක් ද රුපියල් මිලියන 03 ක්ද වශයෙන් ලබාගෙන ඇති පුද්ගල ණය 2019 හා 2020 ලබාදී ඇති රුපියල් මිලියන 30 අත්තිකාරමක් හා 2020 / 2021 ලබා දී ඇති රුපියල් මිලියන 10 ක පුද්ගල ණය ලෙස යි.
ඔහුට හා බිරියට සමාගම් දෙකක කොටස් අයිතිය ඇත්තේ ය. ලින්ක් ඒෂියා හෝල්ඩින්ස් පුද්ගලික සමාගමත් වෙයා හවුස් අයිඑන්ටී සමාගමත් ඔවුන් ගේ ය. 2020 දී ඔහු ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ ආයෝජනය කරැති මුදල රුපියල් මිලියන 38 කි.
ලින්ක් ඒෂියා ගෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙහි ඔහුගේ බිරිය විසින් යොදා ඇති ආයෝජනය රුපියල් මිලියන 01 කි. උක්ත කරුණු දක්වන දිනය වන විට නාමල් රාපක්ෂ අත තුබූ මුදල රුපියල් මිලියන 31. 2 කි.
ඔහු සතුව රන් භාණ්ඩ හා නොකපන ලද මැණික් තිබූ ඇති බව කියයි. රන් භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 8. 5 කි. රුපියල් මිලියන 14. 2 ක නොකැපූ මැණික් ගල් ය. ඔහුගේ බිරියට පරම්පරාවෙන් ලද මාපිය දායාදයක් සේ දායාද ලෙස (විවා මංගල්‍යයේ දී ලද මාල, මුදු, දියමන්ති, තැල්ල ආදිය) ආසන්න වටිනාකම රුපියල් මිලියන 138 කි.
නාමල් රාජපක්ෂ සතු වාහන දෙකකි. ඩේව් හා ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජිප් රිය යි ඒ. බෙන්ස් මෝටර් රියක් හා ප්‍රාඩෝ ජිප් රියක් හා ඩිෆෙන්ඩර් රියක් ද ඔහු ගේ බිරි සතු ය.
මිරිහානේ පිහිටි ඉඩමක් ද තිස්සමහාරාමයේ ත් වීරකැටියේත් ඉඩම් ඔහු සතු ය. මිරිහානේ ඉඩම මාපියන්ගෙන් ලද්දකි. අනිත් ඉඩම් දෙක මිලට ගත්තු ඒවා යි. නාමල්ගේ බිරියට දෑවැද්දට ලද දේපොළ සතු ය. ඒවායින් 50% ක හමිකම ඈට ය.
ඒ අනුව එල්එස්ආර් හෝටල් පෞද්ගලික සමාගමට අයත් කාමර 50 කින් සමන්විත මීගමුවේ කැටමරන් බීඩ් හෝටලය, කාමර 13 කින් සමන්විත බෙන්තොට මරීනා හෝටලය, මිග්ර කෘෂි භෝග සහිත නිවාස කුටි ඒකක 26 කින් සැදුම්ගත් අක්කර 13 ක රන්ගිරි දඹුල්ල රිසෝට් දේපොළ ඇය සතු ය.
තවද ලේෂර් ස්පෝට්ස් ඇන්ඩ් රීක්රියේෂන් පුද්ගලික සමාගම යටතේ කාමර 30 කින් යුත් මරිනා හෝටලය ත් අක්කර දෙකකින් යුත් ඉඩමක් පාසිකුඩා හි ඇත. එමෙන් ම පාසිවිලා නමින් කාමර 50 කින් යුත් හෝටලයක් ද පාසිකුඩා හි අක්කර 4 ක ඉඩමකුත් ඇත.
ඇක්වා ස්පෝට්රියේෂන් නමින් යුත් ජල ක්‍රීඩා මධ්‍යස්ථානය තුනක් කළුතර, බෙන්තොට හා පාසිකුඩා හී ඈ සතුව පවතී, ලංකා ස්පෝට්රියේෂන් යටතේ මිශ්‍ර භෝග සහිත ඒකක 18 කින් සැදුම්ලත් කුටි සහිත දේපොළකි.
කටුනායක පර්චස් 80 ක ඉඩමක් ද පර්චස් 24 ක ඉඩමක් කළුබෝවිල පිහිටි ප්‍රධාන කාර්යාලය ද සමග වූ තවත් දේපොළකි.
නාමල් රාජපක්ෂ හෙලිකෝප් සමාගමේ එච්. එල්. හෙට්ටිආරච්චිගෙන් රුපියල් මිලියන 37. 45 ක් හා මිලියන 8 ක් 2011 දී ණයට ගෙන ඇත. ප්‍රකාශිත දිනය වන විට එම ණය මුදලේ වෙනසක් නොසිදී යැ. රුපියල් මිලියන 10 ක ණයක් 2021 දී ලංකා බැංකුවෙන් හේ ලබා ගෙන තිබේ. මෙම වත්කම් බැරකම් ලේඛනය සකසන විට එකී ණයෙන් රුපියල් රුපියල් මිලියන 3. 6 ක් දක්වා ආසන්න සේ අඩු වී ඇත.
නාමල් ගේ බිරිය විසින් ගෙවිය යුතු ක්‍රෙඩිට් කාඩ්පත් වලින් ගෙන ඇති මුදලට ගෙවිය යුතු ගණන රුපියල් මිලියන 8. 5 කට ආසන්න ය. ලින්ක් ෂියා හෝල්ඩින්ස් සමාගමෙන් ඇය ගෙන ඇති ණය මුදල රුප්යල් 12. 6 කට ආසන්න ය.
අනුර කුමාර දිසානායක ගේ වත්කම් බැරකම් ප්‍රකාශය
මාසික වැටුප රුපියල් 54, 285 ක් වන පාර්ලිමේන්තු වැටුප හා මාසික දීමනා එකතුව රුපියල් ලක්ෂ 202, 517. 34 ක් සේ අනුර කුමාර දිසානායක ගේ වත්කම් පෙන්නීමේ දී සටහන් කර ඇත.
ලංකා බැංකුවේ කඩවත ශාඛාවේ, ලංකා බැංකුවේ කඩවත නගර ශාඛාවේ හා ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ අනුර, බිරියට හෝ දරුවකුට හෝ ඇති බව ලේඛනයේ සඳහන් කර ඇත. අනුර ගේ බිරියට රැකියාවක් නැත්තේ ය.
පවුම් 1. 5 ක මාලයක්, පවුම් එකක වළලු දෙකක්, පවුමක මුදු දෙකක්, හා පවුම් එකක කරාබු ජෝඩු දෙකක් රන් අබරණ ගැන සඳහන් කරමින් දක්වා ඇත.
අනුඒට ටොටොටා හයිලක්ස් ඩබල් කැබ් රථයක් ඇති බව හේ ප්‍රකාශ කර ඇත. දැනට පදිචි ඉඩම බිරිය විසින් මලට ගන්නා ලද්දකි.
අනුරට අත ඇති මුදල් නැති බව කියයි. ණය ලබා ගැනීම් හෝ ණයට ලබා දීම හේ සිදුකර නැත්තේ ය. ව්‍යාපරවල ආයෝජනය කිරීමක් හෝ කොටස් හිමිකම් හෝ ඔහුට නැත්තේ යැ යි එම ප්‍රකාශයේ අන්තරගතය සේ හුවා දක්වයි.