උණුසුම් පුවත්කාලීන

ජනාධිපති කාර්යලයේ අභිනව නීති අධ්‍යක්ෂ ජෙනරාල්

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ  ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතාට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නීති අධ්‍යක්ෂ  ජනරාල් ධූරයේ පිහිටුවීමේ ලිපිය භාර දුන්නේ ය.

විජේබණ්ඩාර මහතාකොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී  (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.

හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වේ.