උණුසුම් පුවත්

ජනාධිපති පාර්ලිමේන්තුුව වාරාවසාන කරයි

යළි ඇරඹුම ාපබරවාරි 7 දා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාරාවසාන කෙරුණි. ඒ ඔහු සතු බලතල අනුව ය.

පාර්ලිමේන්තුව යළි විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 07 වැනි දා ය.

පාර්ලිමේන්ුව වාරාවසනා කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ ප්‍රකාශයට පත් කරැත. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමඟකෝප් කමිටුව ඇතුළු කාරක සභා සෑහෙන ප්‍රමාණයක් අහෝසි වේ. ඒවා යළි සක්‍රීය වන්නේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘ කිරීමෙන් අනතුරු ව යි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කමිිිටු කිහිපයක් තව දුරටත් සක්‍රීය ව පවතී.