මූලික ඉල්ලීම් තුනක් පෙරදැරිව කෙරෙන වැඩ වර්ජනයක් බව වෘත්තීය සමිති කියයි
අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් මේ දක්වා දීමට ආණ්ඩුව අපොහොසත්වීම නිසා අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට එහි සේවකයන් පිරිසක් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන ලදි.
සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි අනධ්‍යයන සේවක පිරිස් විසින් දින 54 ක් පුරා පවත්වමින් ඇති වැඩවර්ජනයට පාලකයින් කන් නොගැසීම නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් සත්‍යග්‍රහය අරඹා තිබේ.
මූලික ඉල්ලීම් තුනක් පදනම් කරගෙන සරසවි අනධ්‍යයන සේවක පිරිස් වැඩවර්නයක් අරඹන ලද්දේ ඉකුත්මැයි මස 02 සිට ය.
