අරමුදලේ විධායක අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශංසාව
*ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාවඅත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර අරමුදලේ පැසසුමට
අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ සමඟජාත්යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීඹ පිළිබඳව ජනපතිට ප්‍රසාදය
ආසියාවේ ප්‍රමුඛයා බවට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report)ප්‍රකාශයට පත් කිරීම අරමුදලේ විධායක අධ්‍යක්ෂවරුන්ගේ සතුට
ශ්‍රී ලංකාවේ විශ්මිත ධනාත්මක වර්ධනයන් ජාත්‍යන්තර නිල සහ පෞද්ගලික ණය හිමියන් අතර ගෝලීය විශ්වාසය වැඩි කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පළමු සමාලෝචනය සාර්ථකවඅවසන් කිරීම පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක්කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ඇගැයීමට ලක් කළේ ය.
ඒසේ ම ආසියාව තුළ ප්රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ඔවුන් ගේ පුසාදය හිමි විය.
විශේෂයෙන් ප්‍රතිපත්ති නැඹුරු විචල්‍යයන් හා මුල්‍ය ක්ෂේත්රයන් හි ස්ථාවරත්වය කෙරෙහි ඔවුන් ගේ වැඩ සටහන මඟින් දිරි ගැන්වීඹක් ලැබී ඇති බව ද එකී කණ්ඩායමේ ශ්‍රී ලංකාව සම්බන්ධ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා සඳහන් කළේ ය.
2022 දෙවන භාගයේ මාණ්ඩලික මට්ටාම් ලිවිසුමට එළඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවා ගෙන ඇති බව ඉකුත් දා පැවති රැස්වීමක දී අනාවරණ්ය වූ බව එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පෞද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හේතුව වන බවත් එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය ගැන අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය අවධානය යොමු කළ බව ද මුල්‍ය ප්‍රතිපත්තියේ හා වියදම් කපා හැරීමේ රජයේ පිළිවෙත එයට හේතු වී ඇති බව ද ඔවුන් දැක ඇත. මෙරට විදෙස් සංචිතවල ඉහළ යෑම වැනි ධනාත්මක බලාපොරොත්තු අයුරින් ඉහළ නංවා ගැනීම ඔවුන් ගේ නිරීක්ෂණයට භාජනය වූ බව ද ඔවුන් නිරීක්ෂණය කර ඇත.
තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට ප්රාග්ධනය හා යාන්ත්‍රණය ගොඩනැඟීම විශේෂයෙන් දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයක් සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැක ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කරැති නිවේදනය සඳහන් කර තිබේ.
තම ඉදිරි සමාලෝචනය විධිමත්ව සහ 4 වැනි වගන්තිය යටතේ සැපයෙන උපදේශන සැලසුම් කරන බැවින් නව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම් හා විදුලි ගාස්තු සහ දේපොළ බදු අය කිරීම වැනි කරුණු ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට අයත් බව ද ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයෙන් කියැ වේ.
මෙකී කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව එකී දූත පිරිස ආණ්ඩුවට අවධාරණය කර ඇත.
බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීමත්, බැංකු ක්ෂේත්රය ප්‍රති ප්රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මුල්‍ය කරුණු ගැන අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය ද ඔවුන් පෙන්වා දී තිබේ.
පාලන යාන්ත්‍රණය කෙරෙහි අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම මෙන් ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීම කෙරෙහි අවබෝධයක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුණ ගැසීමේ ගැන ද ඔවුන් ජනාධිපතිවරයා හා පැවති මේ සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත.
යෝජිත ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය අත්කර ගැනීමට රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වර්ධනය කිරීමේ වැදගත්කමත්, ධාරිතා සංවර්ධනයෙහිලා ශ්‍රී ලංකාවේ හවුල්කාරීත්වය ද නියෝජිතයින් ඇගැයීම් කරනු ලැබිණි. රාජ්‍ය ධාරිතාව වැඩි දියුණු කිරීම මෙකී වැඩ සටහනේ අරමුණ බව ද ඔවුන් පැහැදිලි කර දී ඇත. ඊට අදාළ අනුමැතිය ඔවුන් විසින් පළ කර ඇති අතර ඊට සැබැඳි සාකච්ඡා ඉදිරියේ දී සිදු කරනු ලබන වග ද ඔවුන් ගේ සාකච්ඡාවේ දී ප්‍රකාශ වී තිබේ.
මේ නියෝජිත පිරිස මෙහි රැඳී සිටින කාලය තුළ උක්ත ප්‍රධාන ක්ෂේත්රයන් ගැන ගැඹුරින් සොයා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නියෝජිතයින් සමඟ තව දුරටත් සාකච්ඡා කෙරේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෙෂහාන් සේමසිංහ, ජනපති ගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ප්රමුඛ පිරිසක් මේ සාකච්ඡාවට එක්ව හුන්හ.
