උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජාතික ජන බලවේගයේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කරන්

මහැදුරු නිර්මාල් රංජිත් දේවසිරි කියනා වගයි

අද වන විට ජාතික ජනබල වේගය යටපත්  කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇතැයි කියන නිර්මාල් රංජිත් දේවසිරි ඇදුරාණන්  සඳහන් කරන්නේ අද ආණ්ඩුව මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවයි.

මහාචාමහාචාර්ය දේවසිරි මහතා  මේ බැව් කියන්නේ සිය අන්තර්ජාල නාලිකව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමිනි..

දිලීප විතාරන කියලා කියන්නේ දැන් මේ ආණ්ඩුවේ දැක්ම ජාතික ජන බලවේග දැක්ම සම්බන්ධ කතිකාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. පුනරුදය කියන අදහස යම්කිසි විදියක සංකල්පගත කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ දිලීප ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා සහ ඒ වගේම ඔහුට ආණ්ඩුව සම්බන්ධ විශාල පක්ෂපාතිකයක් තිබුණ" දේවසිරි මහතා පවසයි.

''අවශ්‍ය වශයෙන්ම ඔහු ඉතාම ආශාවෙන් සහ කැපවීමකින් යුතුව නිරත වෙලා සිටි මේ ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම කියලා කියන්නේ ඒක සුළු පටු සිදුවීමක් ලෙස සලකන්ඩ හැකියාවක් නැහැ"

''ඒ විතරක් නෙමෙයි ඔහුව සාමාන්‍යයෙන් ඒ ජාතික ජන බලවේගය පිරිස් වලට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අයට දන්න විදියට දිලීප සම්බන්ධ විශාල ගරුත්වයක් තිබුණා"

''ඉතින් මේ පසුබිම තුළ ඔහු ඉල්ලා අස්වීමට සිදුවීම මං හිතන්නේ මේ ඉතාම ටිකක් අනතුරු ඇඟවීමේ අවස්ථාවක් විදියට සලකන්ඩ පුළුවන්"

"මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තහම ඉහළ නායකත්වය තමයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් මෙහෙවනු ලබන්නේ. ඒක මම හිතන්නේ ජාතික ජන බලවේගය කියන ජාතික ජන බලවේගය කියලා විධායක සභාවක් තිබෙනවා  අන්න ඒක මේ වන විට යම්කිසි විදිහක නිෂ්ක්‍රීය වෙලා තියෙන්නෙ"

"ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරන විදිහෙන් එයාගේ පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් සිද්ධ වෙලා තිබෙනවා. මං හිතන්නේ ඒක ටිකක් මේ හානිකර තත්ත්වයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කියන එක තමයි කියන්න පුළුවන්’'

සිය වීඩීයෝවෙන් හේ පෙන්වා දෙන්නේ ය.