කළුතර අලි මන්ත්‍රී ඡන්දෙ දෙන්න ඇවිත් නැහැ ලු
තංගල්ල නගර සභාවේ හා කළුතර ප්‍රාදේශීය සභාවේත් මාලිමාවේ සභාපතිවරුන් ඉදිරිපත් කරන ලද 2026 අයවැය වාර්තා දෙක ම පරාජයට පත්වී ඇත.
තංගල්ලේ නගර සභාවේ මෙන් ම කළුතර ප්‍රාදේශීය සභවේ ද පාලන බලය පවතින්නේ මාලිමාවට හෙවත් ජාතික ජන බලවේගය පක්ෂයට යි.
අද තංගල්ලේ නගර සභාවේ සභාපති පී. පී. ජී. චන්ද්‍රසිරි මහතා විසින් සිය අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේ දී එක් ඡන්දයකින් පරාජයට පත් විය. මාලිමාව සතුව එහි මන්ත්‍රීවරුන් නම දෙනකු සිටින අතර විපක්ෂයේ පක්ෂවලින් මන්ත්‍රීවරුන් දහයකි.
තංගල්ල නගර සභාවේ මුළු මන්ත්‍රී ආසන ගණන 19 කි.
කළුතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අසුන් තිස් දෙකකි. පාලන බලය සතු මාලිමාවට මන්ත්‍රී ධූර පාළොහක් හිමි ය. විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රීන් සංඛ්‍යාව දාහතකි.
සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය පිළිබඳ ඡන්ද විමසීමේ දී එක් ඡන්දයකින් එය පරාජයට පත් කරන්නට විපක්ෂයේ කණ්ඩායම් පියවර ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා මේ අවස්ථාවට පැමිණ සිටියේ නැතැ යි ආරංචි මාර්ග දක්වයි.
