ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන තෙල් මිල වැඩි කළේ සූත්‍රයකට නොවේ 2026-03-240 ඇමති නලින්ද මාධ්‍ය හමුවේ දී කියයි මෙම මාසය තුළ අවස්ථා දෙකකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයන් "මිල සූත්‍රයට" අනුව සිදු නොකළ බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින් මහතා ප්‍රකාශ කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බැව් සඳහන් කළේ ය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ යාම සිදුවූයේ සූත්‍රයක් අනුව නොවන බවත් පවතින හදිසි යුද වාතාවරණය ඊට බලපා ඇති බවත් ප්‍රකාශ කළ නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙවර මිල වෙනස් කිරීම් සිදුකළේ මිල සූත්‍රය අනුව නොවන බවත් අවධාරණය කළේය. මිල සූත්‍රය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේදී, එවකට සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ සිදුවන ඕනෑම මිල උච්ඡාවචනයකට ගැළපෙන අයුරින් මෙම මිල සූත්‍රය සකස් කර ඇති බව මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යන ගම්මන්පිල Next Article පිලිප් ගේ පාර්ලිමේන්තු කතා එකතුව