අලුත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ආචාර්ය අශෝක සපුමල් රන්වල
අලුත් පාර්ලාම්න්තුව අද (21) පෙරවරු 10. 00 ට ඇරඹීණී.
 පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය විසින් අලුත් පාර්ලිමේන්තුවේ ආරම්භ කිරීම පිළිබඳව ප්‍රකාශ  කිරීමෙන් අනතුරුව අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මහතා ගේ නම යෝජනා කරන ලදුව විජිත හේරත් ඇමතිවරයා විසින් ස්ථිර කරන ලදි. කතානායකවරයා සේ පත්වීම ලද රන්වල මහතා කතානායක අසුන කරා කැඳවා ගෙන යන ලද්දේ ඔවුන් දෙදෙනා විසිනි.

නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා තෝරා ගැනුණි.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරැති බව නව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.
එමෙන් ම ජාතික බල බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා සේ තමන් පිළිගන්නා බව ද රන්වල මහතා සභාව හමුවේ ප්‍රකාශ කළේ ය.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට සිය ආණ්ඩුවේ ඉදිරි කටයුතු සිද්ධ කරනා අයුරු ගෙනහැර රාජාසන කතාව කර පැවැත්වීමට පාර්ලිමේන්තුුු ප්‍රවිෂ්ට වන තුරු දහවල් 11 දක්වා කල් තැබිණි.