උණුසුම් පුවත්දේශපාලන

දහවල් 12 ට 40% ක්

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14 (අද)

උදේ 7 සිට දහවල් 12 වන විට ඡන්දදායකයින්ගෙන් සියයට 40 ක් ඡන්පොළවල් කරා ගොස් ඇති බව මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කර යි. එහෙත් සමහර ප්‍රදේශවල ඡන්දදායකයින් ගේ ඡන්ද ප්‍රකාශය මන්දගාමී බවක් ඇති බව ද කියැ වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 43 ක් ඡන්දදායකයින් ඡන්දපොළවල් කරා ගිය බව පෙනේ. ඉකුත් ජානාධිපතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ  70% ක් ඡන්දදායකයෝ දහවල් 12 වන විට ඡන්දපෙට්ටි පුරවා තිපූ ප්‍රමාණය අද දවසේ දක්නට නැති සේ ය. අද අනුරාධපුරයේ ඡන්ද ප්‍රකාශිත සංඛ්‍යාව දහවල් 12 වන විට 30% කි.

ගම්පහ දහවල් 12 වන විට  ඡන්ද ප්‍රකාශිතය 20% ක් බව ද මැතිවරණ තොරතුරු කියයි.