උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

වඩින්න සමිඳුනේ කරන්නට මෙල්ල

දැන ගෙන ආ බව ජේසු බිළින්ඳා!

කාලය  ඇවිත් කිතු සමිඳුන් පසසන්න...
වාදය නවතලා සැමදෙන එක් වෙන්න....
සාමය සතුට පිරි නත්තල් සමරන්න...
ලෝකය පුරා සැමහට සෙත පතුරන්න...
ජේසු බිලින්දා ආ බව දැනගෙන...
පහන් තරුවකින් පාර අසාගෙන...
රජ තුන් කට්ටුව තෑගිත් අරගෙන...
 සොයාන ආවා ඉපදුණු ගවලෙන
ඇන්ජලා පැල්පොළ

 

 

 

≈≈≈≈≈≈≈≈≈≈

                             ලෝල සිතක්

රිදී  තීරු මවනා ගඟනත හවස

මිදී කඳුළු නෙතඟින් උතුරයි රහස

ඇදී සුළං සර මත ලබමින් පහස

මදී තුරුළු වෙන්නට ඔබ ලඟ දවස..

සිහින් හිරිකඩට තෙමෙනා විට රිස්සේ

නෙතින් සිහින ඉගිලී නෙතු මත ඉස්සේ

අතින් උණුසුමට තුරුලුව හිද සිත්සේ

ඉතින් කොහොම වෙන්වෙන්නද මේ වැස්සේ..

මල් පියවිලි වැටී සුළඟට මනමාලයි

නිල් පැහැ අහස වැස්සම හරි  දඟ කාරයි

මල් මල් කුඩය යට ඉන්නට හිත ලෝලයි

කල් වෙන්වෙන්න ආවිට හදවත පාරයි..

සසර පුරා ආ  ලෙස අත් එකට බැඳී

සුසර වුනේ පෙම් සිතුවිලි රැහැන් ඇදී

නතර වෙලා හැරුනත් දුක් සුසුම් වැදී

අතැර දමා යන්නෑ සිත ඔබෙන් මිදී

 

- සංජීවනී පද්මසේන -

 

 

 

මහ මේරුව වගෙයි අම්මා

හිමිදිරියේ සිරස නමා දෙකොපොල් සිඹ අම්මා

සිහිවෙනවා ඔබේ සුවඳ නිති නෑ එහි නිම්මා .

සඳ එළියේ උවත් දිලෙන තරුව ඔබයි පෙම්මා

නැගෙනහිරින් දොරට වඩිණ හිරු කිරණයි අම්මා .

මහමේරුව වගේ නිතර නොසැලී සිටි අම්මා .දුක්

කරදර පැණි රසලෙස අනුභව කළ අම්මා .

නෙතේ කඳුළු සඟවාගෙන සිනාසුණා අම්මා

ලොවේ කාට කොතැනක හෝ සම  නොකළැකි අම්මා .

ආදර කරුණා ගුණයේ සුමුදු සිසිල අම්මා .කටෝර

මහ පොළව සිඹිණ අමා වැස්ස අම්මා.

මුදු හදවත් පුබුදුවන්න ජීවය දෙන අම්මා 

මෙතේ බුදුන් දැක නිවනින් සැනසීයන් අම්මා .                                                                                                                                                      

- සුනිල් අකුරුගොඩ
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ සාමයේ කුමරුවෙනි

සමිඳුනි! 

සාමය සතුට බෙදාහල පෙම් සිතින් සැමට සළකන

පිළිවෙතක් කියා පෙන්වා දුන් කුමරුනි නැද්ද වරම්

හෙට ඉපැදෙන නොදරුවාටත් අද දිවිමංසලේ පා නඟමින්

සිව්දෙස බිය හා සැකය එකට කැටිකොට  ගෙවන හැම තත්පරයක් ම

අවිනිශ්චිතව දසත බල බලා පණකෙන්ද රැක ගන්න

වෙර දරන සත් හට අසරණය ඔවුන් සැම

මරියා මවු තුමිය ජෝසේ පියතුමාණන්

කුමරුන් සඟවා ගෙන පළාගිය අයුරින් ම ඊයේත් අදත් මේ දැනුත්

පිළිස්සෙමින් ගින්දරෙන් උපන් බිමේ දිවි ගෙවන්නට

නැතිව අවසරය මතක් කළහොත්

සමිඳ! වැසියන් යෙරුසලමේ හුස්මක් කටක් ගත නොවැකිව

විඳිනා වේදනා පහකරන්නට සමනය කරන්නට වඩිනු මැන

මේ දැන් මේ දැන් දැන්ම ම එදා මෙන් ම අදත් දුෂ්ට මිනිසුන් අහිමි කොට ඇති අයිතිය

ජිවත් වෙන්නට උපන් බිමේ බෙදා හරිමින් එළි රෑ වෙනතුරු ද රෑ එළිවෙන තුරු ද

සිදුවෙලා ලෝ දනන් හට  රැක ගන්න පණකෙන්ද රැක ගන්න පණ කෙන්ද

තණ්හාධික බලවතුන්  එළි රෑ මෙන් ම රෑ එළිවෙන තුරු ම තනනවා ගිනි උණ්ඩ

ඉදින්  සමිඳුනේ නොදනී නො තේරේ  නොවැටහේ

වඩින්න යළි යෙරුසලමට ඊශ්‍රායලයට. - කපටි දුදනන් කරන්නට මෙල්ල !

  - සුමැ -