උණුසුම් පුවත්

දෑරංගල හිමිපාණෝ අපවත් වෙති

ආදාහන පූජෝත්සවය ඉරිදා (09)

අක්මීමන මානවිල .අන්දායම්ගොඩැල්ල . ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සහ ශ්‍රී විද්‍යා ප්‍රදීප පරිවේණධ්‍යක්ෂක ශාස්ත්‍රවේදී දෑරංගල උදිත නාහිමියන් (64) අපවත් වී වදාළහ.

නාහිමියන්ගේ ශ්‍රී දේහය මානවිල අන්ධායම් ගොඩැල්ල .විහාරස්ථානයේ තැන්පත් කොට ඇත.

අපවත් වී වදාළ දෑරංගල උදිත නාහිමියන් ආගමික සහ ශාසනික කටයුතු මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂ වූ කාර්යභාරයක් කළ හිමිනමකි.නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ජුනි මස 09 වැනි ඉරුදින පස්වරුවේ විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ.