උණුසුම් පුවත්කාලීනපරිසරය

දිට්වා ඛේදවාචකයේ පසු බලපෑම් ඉතා ම බරපතල යි

සංචාරක කර්මාන්තය පසුබාවි ද?

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන්, ශ්‍රී ලංකාව 2019 කොවිඩ් වසංගතය පැවති කාලයේ ඇති වූ අර්බුදයටත් වඩා උග්‍ර ආර්ථික කඩාවැටීමකට ලක්වනු ඇතැ යි ආර්ථික විද්‍යාඥයෝ කියති.

සුළි කුණාටුවෙන් දුම්රිය මාර්ග, මහා මාර්ග විනාශ වීමෙන් ඇල්ල, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල, නුවරඑළිය, ත්‍රීකුණාමලය, ආරුගම්බේ වැනි සංචාරක ආකර්ෂණයට ලක්වී තිබෙන ස්ථානවලට යා නොහැකි වීමෙන් ඉදිරි කාලයේ දී විශාල වශයෙන් අඩුවනු ඇතැ යි ඔවුන්ගේ මතය යි.

මේ වසරේ ජනවාරියේ සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 21 ලක්ෂයකට අධික පිරිසක් පමිණි බව සංචාරක ප්‍රවර්ධන ආයතනය පවසයි.

නොවැම්බර් මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2, 12, 906 කි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තය යි.

ශ්‍රී ලංකාවේ විනාශ වී ඇති දුම්රිය මාර්ග හා මහා මාර්ග යථාතත්වයට පත් කිරීමට තව මාස 6 කට අධික කාලයක් ගතවනු ඇතැ යි ගණන් බලා ඇත. මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මාලදිවයින, තායිලන්තය ආදි වෙනත් රටවලට යාමට ඉඩ ඇති බැවින් එය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට මරු පරක් වනු ඇති බව යි ආර්ථික විද්‍යාඥයින් ගෙන් පැවසේ.

මේ හැර මහනුවර, මාගලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල තේ වගාව ද විනාශ වී තිබෙන බැවින් තේ ආනයන ආදායම් විශාල ලෙස පහත වැටීමට ද ඉඩ ඇත.

ඇඟළුම් කර්මාන්ත ශාලා බහුලව පවතින බියගම, අවිස්සාවේල්ල, කුරුණෑගල, හොරණ ආදි ප්‍රදේශවල පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලා රැසක් ජලයෙන් යටවීමෙන් සිදුවූ හානි හේතුවෙන් ඇඟළුම් අපනයනයට ද එය තදින් ම බලපාන බව ද ඔවුන් ආර්ථික විශේෂඥ මතය යි