උණුසුම් පුවත්දේශපාලන

දිනේෂ්, සාගර ලොකු කතාබහක

ඉදිරියෙ වැඩ කරන්නේ කොහොම දැ යි අද කතාවෙලා

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා අතර සාකච්ඡා

පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් ඊයේ (03) අභයාරාමයේ පැවති සාකච්ඡාවේදී ගත් තීරණ අනුව එහි නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත රටේ ඉස්මතු වී තිබෙන දේශපාලන තත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සංවිධාන හා සන්ධාන සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටින ලදී.

එහි පළමු සාකච්ඡාව

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අතර අද (2024.10.04) කොළඹදී පැවැත්විණ.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව වැදගත් අදහස් හා යෝජනා හුවමාරු විය.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව, පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා විය.